බස්නාහිර ප්‍රදේශය බාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට පහරදුන් බව කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටි සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (19දා) නියම කළේය.
සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් විමර්ශන වලට බාධා විය හැකියැයි කියමින් සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයයි කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් සැකකරුවන් පොදු දේපළ පනත යටතේ වරදක් කළ බවට ප්‍රමාණවත් කරුණු පොලිසිය ඉදිරිපත් කොට නැති බව සැකකරුවන්ට ඇප නියම කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
බස්නාහිර ප්‍රදේශය බාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට පහරදුන් පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවක් පැවැත්වුවත් සාක්කිකරුවන් සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගෙන ඇතැයි අනාවරණය විය.
පෙරට්ටුවෙන් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පැමිනිල්ල වෙනුවෙන් පෙනී සිටි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධධිකරණයට ඉදිරිපත් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බව දැනුම් දුන් නිලධාරීහු සැකකරුවනට ඇප නියම කරනු ලැබුවහොත් විමර්ශන වලට බාධා විමට හැකියව ඇති නිසා සැකකරුවන්ට ඇප නියම නොකොට ඔවුන් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් පොදු දේපළ පනත යටතේ වැරදි කොට ඇති බව පොලිසිය සඳහන් කළත් ඒ බව සනාථ කිරීමට කරුණු කිසිවක් ඉදිරිපත් කොට නොමැති හෙයින් ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලිමෙන් අනතුරුව සැකකරුවන් ඇම මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.