විදුලි බලය නිෂ්පාදනයට අද වනවිට අවශ්‍ය ජල විදුලිබලයේ දායකත්වය 50%ක් දක්වා ඉහළට ගොස් ඇති බවත් මේ තත්ත්වය තරමක් දුරට හිතකර දෙයක් වන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, (ජල විද්‍යා) ඉංජිනේරු එස්.පී.සී. සුගිෂ්වර මහතා පැවසීය.
දැනට සති දෙකකට පමණ ඉහතදී ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලිබල නිෂ්පාදනයෙන් 18%කට වැනි තත්ත්වයක පැවති බවත්, මීට හේතු වූයේ, පැවති නියං තත්ත්වය හේතුවෙන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේය.
මධ්‍යම කඳුකරයට පසුගිය දිනයන්හි ඇදහැලුණු දැඩි වර්ෂාපතනය නිසාවෙන් මෙලෙස අවශ්‍ය විදුලි ධාරිතා මට්ටම ඉහළ ගොස් තිබීම මෙයට හේතු වී ඇති බවද සුගිෂ්වර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
මෙරට වැඩිම විදුලිබල නිෂ්පාදනයක් සිදුවන්නේ, මහවැලි පද්ධතිය තුළ බවත්, මේ වනවිට එහි ජල ධාරිතාව 45%ක් වැනි ප්‍රමාණයකට ළඟා වී ඇති බවත් පවසා සිටි හෙතෙම, මෙය පැවති තත්ත්වය සමග සසඳා බැලිමේදී යම් හිතකර තත්ත්වයක පවතින බවද වැඩිදුරටත් පැවසීය.