ඉන්ධන මිල ඉහළයාම සහ ඉන්ධන හිගය නිසා මාළු ප්‍රවාහනයට හා එළවළු ප්‍රවාහනයට සිදුව ඇති අහිතකර බලපෑමත් සමග බදුල්ලේ මාළු මිල සහ එළවළු මිල දෙතුන් ගුණයකින් ඉහළගොස් තිබේ .
බදුල්ල මධ්‍යම වෙළදපොලේ එලවළු අලෙවි ස්ථාන බෙහොමයක් අද (19දා) වසා දමා තිබූ අතර එම වෙළදුන් පැවසුවේ ඉන්ධන මිල ඉහලයාම සහ ඉන්ධන හිගය නිසා එළවළු නොලැබීමේ හේතුවෙන් මේ තත්වය උදාවූ බවයි .
මේ අතර මත්ස්‍ය වෙළඳසැල්වල මාළු හිගයක් පැවතිණි .
ඉන්ධන මිල ඉහළයාමත් සමග නැගෙනහිර හා දකුණ පළාත් වලින් මාළු ප්‍රවාහනය සීමා විම නිසා මෙම හිගය පවතින බවත් ලැබෙන මාළුවලට මිලගණන් අසාමාන්‍ය ලෙස ඉහලගොස් තිබිම නිසා අලෙවිකිරීම අපහසු බවත් මාළු වෙළදුන් පැවසූහ .
මේ තත්වය නිසා මත්ස්‍ය වෙළඳුන් සහ එළවළු වෙළදුන් තම ආදායම් අහිමිව මැසිවිලි නගති .
බදුල්ලේ පාලිත ආරියවංශ