saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5562 hours ago

LATEST

ජපානයට ඇතුළුවීම සඳහා රටවල් 106කට යළි අවසර

calendar_today 2022 අප්‍රේ 07 - 22:00 remove_red_eye - 1939  

ජපානය රටවල් 106ක අනේවාසික විදේශිකයන්ට ජපානය වෙත ඇතුළු වීමට අවසර දෙන බව එරට රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

පාලනය කරගත නොහැකි ස්වභාවික විපත් නිසා 2021 යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි අධ්යවක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.

Read More

ප්‍රංශය වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සිව්වැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාදෙන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

Read More

සමාජ මාධ්‍ය හරහා ජනතාව කුපිතවන ආකාරයට වෛරි ප්‍රකාශ පළකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය විසින් ඊයේ (06දා) අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම මස 18දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බද්දේගම මහේස්ත්‍රාත් එච්. එම්. එස්. බණ්ඩාර මහතා නියෝග කළේය.

Read More

සංගීත සංදර්ශන පවත්වා ණය වූ රුපියල් ලක්ෂ 25 පියවා ගැනීමට නතර කර තිබු ගංජා ජාවාරම පටන්ගත් අයෙක් ගංජා ග්රෑම් 500ක් සමග කරන්දෙණිය මහගොඩදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (7දා)අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.

Read More

වර්තමානයේ රටේ උද්ගතව තිබෙන අර්බුද සඳහා පැවැත්වෙන විවාදයේදී ඊට මුහුණ දීම සඳහා සාධනීය අදහස් දැක්වීම හා විසඳුම් ඉදිරිපත් කිරීම ඉතා විරල වීම කණගාටුවට කරුණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

පාලනය කරගත නොහැකි ස්වභාවික විපත් නිසා 2021 යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙක් වෙන ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.

Read More

රට තුල පැවති ඇඳිරි නීතිය තත්ත්වය නිසා පැවැත් වීමට නොහැකි වූ දහම් පාසල් 06 -10 ශ්‍රේණි විභාගය අප්‍රේල් මස 24දා පැවැත් වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාරතමේන්තුව පවසයි.

Read More

මහ බැංකුව විසින් අද (07දා) නිකුත් කළ නිල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් රුපියල් 319.9ක් බව ප්‍රකාශයට පත්කර තිබේ. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස රුපියල් 309.3ක් ලෙස සටහන්ව තිබේ.

Read More

අධ්‍යාපනය, සෞඛ්‍ය හා රටේ ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක පාලකයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, මේ හේතුවෙන් පීඩිත ජනතාවට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දෙන ලෙස රජයට බල කරමින් රජරට විශ්ව විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද ( 7දා) අනුරාධපුර නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් එළැඹෙන 11 දා 12 දා රජයේ නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා වන චක්‍රලේඛ්‍ය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Read More

කෑගල්ල ප්‍රදේශයේ තරුණ පිරිස් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (7දා) කෑගල්ල නගරයේ පැවැත්විණි. මෙම උද්ඝෝෂණයට විශ්ව විද්‍යාල සිසුන් කෑගල්ල නගරයේ පාසල්වල සිසු සිසුවියන් 1000 ට අධික පිරිසක් එක්ව සිටි අයුරු දක්නට ලැබුණි.

Read More

තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගමදී ත්‍රීරෝද රථයක් හා කුඩා ලොරියක් ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ මව, පියා සහ දියණිය වේ.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

Read More

ආර්ථික අර්බුදය මධ්‍යයේ දීප ව්‍යාප්ත විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක් අත්විඳිමින් සිටින බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් පවසයි.

Read More

තේ වතු වල වගා නොකරන මුඩු ඉඩම් වතුකරයේ තරුණ තරුණියන්ට බෙදා දි වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

Read More

ඇතන්ස් (ෂිංහුවා) - ඉහළ යන ජීවන වියදමට විරෝධය දක්වමින් ග්‍රීක ජනතාව එක්දිනක් සේවයෙන් ඉවත්ව පාර්ලිමේන්තුව ඉදිරිපිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

ජන පීඩක පාලනය හෙළා දකිමු යැයි පවසමින් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (7දා) දහවල් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

අන්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වී ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු ඊයේ (6දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අග්‍රාමාත්‍යවරයා ඇතුළු සියලු දෙනා ඉල්ලා අස්වී නව අන්තර්කාලීන පාලනයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේ ඊයේ (06දා) ප්‍රකාශ කළ ආකාරයටම තම මන්ත්‍රී වැටුප වසරකට ලබා නොගන්නා බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (06දා) දිනයේ සිදු කළ අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුව අද (07දා) ආරම්භ වීමට පෙර විශේෂ සිදුවීමක් විය.

Read More

කල්එළිය වෑබඩමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හෑරීම සදහා ශාන්තිකර්ම සිදු කරමින් යෙදී සිටි බව කියන කපුවෙකු හා කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු රජයේ අරක්කු බෝතල් දහයක්ද සමග ඊයේ (6දා) සවස අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය පවසයි.

Read More

ගිරිඋල්ල පස්යාල මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී ඊයේ (6දා) සවස සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලත් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකාවක වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

Read More

COVID-19, ඉන්ධන සහ ඖෂධ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය රට වැසියන්ට දන්වා තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තෙවැනි මට්ටමේ අනුතුරු ඇඟවීමක් ඇමෙරිකාව විසින් නිකුත් කර තිබේ.

Read More

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07දා) පැවැත්වෙමින් තිබිය දී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.

Read More

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසීය. ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට ආණ්ඩුව වගකිව යුතු බවත් ඔහු පැවැසීය.

Read More

ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් කළු වර්ණයෙන් සැරසුණු මහනුවර ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් මහනුවර දළදා වීදියට එක්ව දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය .

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (6දා) පමණක් රු. බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර, විධායක අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.