බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම ඉන්ධන හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වීමට හේතුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉදිරි දින 2 තුළ එම පෝලිම් අඩු කිරීමට කටයුතු කරන බවත් ඉන්ධන බෙදා හැරීම් සමාලෝචනය කර ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලුම නිෂ්පාදනවල අතිරේක තොග බෙදා හැරීමට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා පැවැසීය.