සැප්තැම්බර් මස පළමු වන දින සිට ක්රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ජල ගාස්තු සංශෝධනය පාරිභෝගික කාණ්ඩ 12ක් යටතේ සිදු කර තිබේ.
ඒ අනුව, ගෘහස්ථ ජල ගාස්තුව ඒකක බිංදුවත් 05ත් අතර රුපියල් 12.00ක්ව පැවැති ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව රුපියල් 20.00ක් දක්වාත් ඉහළ නංවා ඇත.
එමෙන්ම ඒකක බිංදුවත් 05ත් අතර රුපියල් 50.00ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 300.00 දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් විය.
ඒකක 75ට වැඩි ජල ගාස්තු සඳහා ඒකකයක් රුපියල් 140ක්ව පැවැති පරිහරණ ගාස්තුව රුපියල් 238.00ක් දක්වා ඉහළ නංවා ඇති අතර එම කාණ්ඩ යටතේ රුපියල් 1,600ක්ව පැවැති මාසික සේවා ගාස්තුව රුපියල් 3,500ක් දක්වා ඉහළ නංවා ඇත.
මීට අමතරව ඕනෑම කාණ්ඩයක මාසික ජල ගාස්තුවට, පරිහරණ ගාස්තු සහ මාසික සේවා ගාස්තුවට අමතරව අනෙකුත් ගාස්තු සහ අදාල බදු ඇතුළත් වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.