නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අක්රීය වූ පළමු ජනන යන්ත්රය යළිත් ජාතික පද්ධතියට එක්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පසුගිය 10 දා මෙම යන්ත්රයේ තාක්ෂණික දෝශයක් හට ගැනීම හේතුවෙන් එය අක්රීය විය.
මේ අනුව දෛනිකව සිදුකළ විදුලි කප්පාදුව පැය තුනක් දක්වා වැඩිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවිය. පළමු ජනන යන්ත්රය ජාතික පද්ධතියට එක්වීම හේතුවෙන් ඒ හරහා මෙගාවොට් 270ක ධාරිතවක් පද්ධතියට එක්වෙයි.