2021 වසරේදී සිදු වු එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ජීවිකාව අහිමි වු ධිවර කාර්මිකයන්ට වන්දි ගෙවීම සදහා 3 වන අතුරු වන්දි මුදල වශයෙන් රුපියල් ලක්ෂ 9110ක මුදලක් නෞකාවේ රක්ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත.
ඒ අනුව මෙම මුදල ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල හඳුනාගත් ධීවර කාර්මිකයින් 15,032 දෙනෙකු අතර බෙදාදීමට කටයුතු කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදි. මීට පෙරද අවස්ථා දෙකකදී රක්ෂණ ආයතනය වෙතින් ලද රු. ලක්ෂ 3480 ක් සහ රු. ලක්ෂ 3350 ක් බැඟින් වු අතුරු වන්දි මුදල් මෙම ධීවර ජනතාව වෙත බෙදා දීමට ධීවර අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදි'
පෙර අවස්ථාවල මෙන්ම 3 වන අතුරු වන්දි මුදලද ධීවරයින් පදිංචි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමට නියමිත වන අතර මෙම 3 වන අතුරු වන්දි මුදල ගෙවීමත් සමඟ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් බලපෑමට ලක්වු සැම ධීවර කාර්මිකයෙකුටම ඔවුන්ගේ යාත්‍රා වර්ගය , පන්න ක්‍රමය හා අහිමි වු ආදායම අනුව රු. 80,000 සිට රු. 240,000 දක්වා මුළු මුදලක් වන්දි වශයෙන් මේ දක්වා හිමිව ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුරින් පසු ධීවර ජනතාවගේ,ඔවුන්ගේ ආම්පන්නවල සහ යාත්‍රාවල ආරක්ෂාව සඳහාත් බලපෑමට ලක්වූ ප්‍රදේශයෙන් මසුන් අල්ලා පාරිභෝජනය කිරීමෙන් ඇතිවිය හැකි බලපෑම් වැලැක්වීම සඳහාත් මීගමුව සිට පානදුර දක්වා ප්‍රදේශයේ ධීවර කටයුතු තහනමක් පනවා තිබුණි. මෙම තහනම හේතුවෙන් ජීවිකාව අහිමිවූ ධීවර කාර්මිකයින් සංඛ්‍යාව 15,032 ක් වශයෙන් හඳුනාගෙන ඇත.