නයි අල්ලන්නා නාග ප්‍රහාරයකින් මරුට
අල්ලාගත් නයා වනයට මුදා නොහැර කරේ දමාගෙන දර්ශනය දැමූ නයි අල්ලන්නෙක් නයි ප්‍රහාරයකින් ඊයේ (25දා) මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ අකුරල පදිංචි සුදත් කුමාර නමැති සිව් දරු පියෙක් බවද පොලීසිය කියයි.
අකුරළ නිවසකට පැමිණි නයෙක් මිය ගිය තැනැත්තා විසින් අල්ලා ගෙන ඇති අතර අල්ලාගත් නයා කරේ දමාගෙන කරේ සිටියදීම අත් දෙකෙන් නයාගේ දෙකොනෙ න් අල්ලාගෙන එහේට මෙහේට අදිමින් සිටියදී නයි පහාරයට ලක්වූ බව පදේශවාසීහු කියති.
නයි පහාරයට ලක්වූ තැනැත්තා පළමුව බලපිටිය රෝහලටත් ඉන් අනතුරුව කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බවත් කරාපිටිය රෝහලේ සිව් දිනක් පතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවත් පොලීසිය කියයි.
නයි විසෙන් මිය ගියතැනැත්තා මීට පෙර නයි රැසක් අල්ලා වනයට මුදා හැර ඇති බව පදේශවාසීහු කියති.
සුසිල් ප්‍රියන්ත
popular news
-
ද. කන්නන්ගර Monday, 29 August 2022 09:49 AM
රොෂාන් රණසිංහ ඇමතිට අපි අකමැති උනත් ඔබගේ පත්වීම පිලිබදව ස්තුතියි කියනවා.. හැබැයි අර්ජුන ඔබ කරන්න බලාපොරොත්තු වෙන දේවල් කරන්න ඔබ පුංචි වැඩිය...mafia හස්ත හුගක් ප්‍රබලයි.. ලගදීම පුවත්පත්වල දකින්න ලැබේවි ඔබගේ ප්‍රකාශ මම අසරණයි ඇමතිතුමා අවන්කවම අසරණයි කියලා... කලකිරීමෙන් ප්‍රකාශ නිකුත් කරාවි පස්සේ ඉල්ලා අස්වී ගෙදර යාවි... මේ දුපත කවදාවත්ම යුක්තිය සාදාරනය ඉල්ලා සිටින රටක් නොවේ... වහල් ගෝත්‍රික ජනතාවගෙන් බහුතරයක් නියමම වහල් හැත්තක්... තවමත් රාජපක්ෂ ද්‍රෝහී පවුලට ආවඩන මෝල්ලු ඉන්නවා
Reply : 0 89
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

