ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු නිලධාරියෙක් නෑ
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියෙකු පත්කර නොමැති බව තොරතුරු දැනගැනීමේ කොමිසන් සභාවේදී අනාවරණය වේ.
මේ බව අනාවරණය වූයේ පාස්කු කොමිසම වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිසන් සභාව වෙනුවෙන් දැරූ වියදම් ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ ඉල්ලීමට තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිසන් සභාව වෙත ගොනු කර තිබු අභියාචනයක් 2022.08 .24 දින විභාගයට ගත් අවස්ථාවේදී ය.
එහිදී තොරතුරු කොමිසම මගින් දන්වා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියෙකු පත්කර නොමැති බව දැන්වූ බැවින් ඔවුන්ට තවත් අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් අභියාචනා විභාගය කල් තබන බවයි.
කෙසේ නමුත් උක්ත කරුණ සම්න්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීම මෙන්ම මිට පෙර 2022 ජුනී 01 වනදා පැවති අභියාචනා විභාගයට ජනාධිපති ලේකම් කාර්යාලයේ බලය පැවරු කිසිදු නිලධාරියෙකු සහභාගී නොවී සිටීමත් ඉන් අනතුරුව 2022.08 .24 දින තොරතුරු නිලධාරියෙකු පත්කර නොමැති බව දන්වමින් අභියාචනා විභාගයට සහභාගී නොවී සිටීම ප්‍රබල කාරණයක් වන්නේ මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගෙන ඒමට දේශපාලනික වශයෙන් ප්‍රබල මැදිහත්වීමක් කළ ජනාධිපතිවරයෙකුගේ රජයක දී වීම ය.
කෙසේ නමුත් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 23 (1) (ආ) වගන්තිය තුලින් පෙන්වා දෙන්නේ යම් පොදු අධිකාරියක තොරතුරු නිලධාරියෙකු පත්කරනු ලබන තෙක් පොදු අධිකාරියක ප්‍රධානියා හෝ විධායක නිලධාරියා මේ පනතේ කාර්ය සඳහා එම පොදු අධිකාරියේ තොරතුරු නිලධාරියා ලෙස සලකනු ලැබිය යුතු ය. ලෙසෙනි. ඒ අනුව පෙනී යන්නේ තොරතුරු නිලධාරියෙකු නොමැති බව පවසමින් එදින අභියාචනා විභාගය සදහා සහභාගී නොවීම තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ද තොරතුරු පනතේ විධානයන්ට පටහැනිව කටයුතු කර තිබෙන බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ වග කිවයුතු නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ විය.
popular news
-
Deepal Nirosh Sunday, 28 August 2022 04:06 AM
තාමත් කට්ටිය හිතාන ඉන්නෙ රටේ ජනාධිපති ගෝඨාභය කියල ද? අඩු ගානෙ තරු පහේ ප්රජාතන්ත්රවාදය මොකද්ද කියලවත් තේරුමක් නැති හැටි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

