දැනට ක්රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දෙදින ද ක්රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (26) පස්වරුවේ පැවසීය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් මෙසේ තවදුරටත් විිදුලිි කප්පාදුව පැය තුනක කාලයක පවත්වා ගනියි.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිනකදී දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.