හෙට දිනයේදී තමන්ට අවශ්‍ය ඩීසල් නොලැබුණහොත් සඳුදා දිනයේදී පාසල් ළමුන් ප්‍රවාහන රථ ක්‍රියාත්මක නොවෙනු ඇතැයි සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය පවසයි.
රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ලංගම ඩිෆෝ හරහා ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැතැයිද එම සංගමය දැනුම් දෙයි.
මේ පිළිබඳව එම සංගමය විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාත් අධ්‍යාපන අමාත්‍යවරයාත් දැනුවත් කර තිබේ.