saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 515 hours ago

LATEST

කොවිඩ් හා එහි ව්‍යාප්තිය ගැන සියලු කරුණු අඩංගු චක්‍රලේඛ 02ක්

calendar_today 2025 ජුනි 01 - 18:32 remove_red_eye - 222  

කොවිඩ් හා එහි ව්‍යාප්තියක් තිබේද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ විසින් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඒ අනුව කොවිඩ් හා එහි ව්‍යාප්තියේ ප්‍රවණ සම්බන්ධයෙන් සියලු කරුණු අඩංගු චක්‍රලේඛ 02ක් කඩිනමින් නිකුත් කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

වඳවීයාමේ තර්ජනයට හසුව ඇති බන්දුල පෙතියා මත්ස්‍යා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයකට බවට පත්කිරීම හෙට (02දා) සිදු කිරීමට නියමිතය.

Read More

ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 25 වැනි දා මියගිය 57 හැවිරිදි දෙදරු මවගේ මරණයට හේතුව දුරකථන චාජරයකින් වෝල්ට් 110ක විදුලි ධාරාවක් ශරීරගත වීම බව අනාවරණය වී තිබේ.

Read More

තමන් සතු රුපියල් කෝටි දහයක් පමණ වටිනා අංගසම්පූර්ණ නිවස සහ ඉඩම සඟසතු කිරීමට ඇල්පිටියේ තරුණ වයාපාරිකයකු වන ඇල්පිටිය සෙන්ටල් වයාපාර සමූහයේ අධයක්ෂක එම්.ජි.සමන් කුමාර මහතා ඊයේ(31) දහවල් පියවර ගත්තේය.

Read More

රජයක් ලෙස මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

පසුගිය වසර දෙක තුල රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව සිදු කෙරුණු පොසොන් මහා පිංකම වතමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත් වීම මත මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරිමට සියලු කටයතු සූදානම් වෙමින් පවතින බව මිහින්තලා රාජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක හිමිපාණන් පැවසූහ.

Read More

ජාතික බදු සතිය හෙට (02දා) සිට ආරම්භ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියේදනය කරයි.

Read More

ගාසා තීරයේ ආධාර මධ්‍යස්තානයක් අසල ඊශ්‍රායලය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක පවලු 2641ට අයත් පුද්ගලයන් 9975 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම නිවේදනය කරයි.

Read More

රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් පැදවූ 17 හැවිරිි දි පාසල් සිසුවෙකුට නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් දහදාහක අල්ලසක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු ලබන ජුනි නව වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් කේ.ජීවරාණි මහත්මිය අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තායිලන්ත රූ රැජින ඔපල් සුචාටා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳිමට සමත්විය.‍ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහ තරගය හයිද්‍රාබාද්හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී අවසන් විය.

Read More

ලංකා සුදු ඩීසල් ලීටරය්ක්රුක්පියල් 274ක් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325 ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341ක් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටයරයක් රුපියල් 293ක් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178ක්

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් අද (30) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Read More

බදාදා සිට එක්සත් ජනපදය වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා පවතින තීරුබදු අනුපාතය 25% සිට 50% දක්වා දෙගුණ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඖෂධ සැපයුම් ජාලයේ පවතින ගැටලු නිසා ඇතිවන ඖෂධ සැපයීම්, බාධා අවම වන තෙක් හිඟ ඖෂධ ලබා ගැනීම සඳහා විදේශ රජයන්ගේ සහාය ඍජුවම ලබා ගැනීම ට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය අදහස් කර ඇත.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ වටවල හා ගලබඩ අතර දුම්රිය මාර්ගයට කඩාවැටි තිබු ගස ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ දුම්රිය ධාවනය නිසි ලෙස සිදු කිරිමට පියවර ගෙන ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය.

Read More

දේශීයව නිෂ්පාදනය කරන දුඹුරැ සීනි අලෙවිකර ගැනීමේ ගැටලුව විසදීම සදහා රජය කඩිනමින් මැදිහත් නොවුනහොත් ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාන්ඩුව ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය වැසීයා හැකි බව එහි විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා පැවසීය.

Read More

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් යනුවෙන් සමාජ මාධ්‍ය තුළ දැනට සංසරණය වන පුවත යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් වන අතර එම පුවත අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

වැල්ලවාය පොලිසියේ, පොලිස් නිළධාරින් පිරිසක් විසින්, වැල්ලවාය නගරයට ආසන්න ස්ථානයක අද ( 30 ) දහවල් සිදුකල වැටලීමක් අතරතුර සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමට යාමේදී, එම සැකකරු, පොලිස් නිළධාරීන්ට උක්ගස් කැපීම සදහා යොදාගන්නා තියුණු ආයුධයකින් පහර දී, පළායාමට තැත්කර ඇති අතර, එහිදි පොලිසිය කල වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙි.

Read More

ඇමෙරිකාවේ සිටි ඉන්දියානුවන් 1000කට ආසන්න සංඛ්‍යාවක් ජනවාරි මාසයේ යළි එක්සත් ජනපදයේ සිට ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි. මේ අතරින් ඇතැම් පිරිසක් නැවත ඉන්දියාවට පැමිණ ඇති අතර තවත් පිරිසක් ඇමෙරිකාව විසින් පිටුවහල් කර තිබේ.

Read More

රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් 05/30 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

නිරිත දිග මෝසම් කාලගුණ තත්වය සක්‍රීය වීම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 සිට 70 ක් පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්කොට සිටියි.

Read More

ඊයේ රාත්‍රි පැවැත අධික සුළං සහිත තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍ර දේශ රැසක ආපදා සිදුව තිබේ. ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස අලාභ හානි සිදුව තිබුණි.

Read More

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

පේරාදෙණිය සහ සරසවි උයන අතර දුම්රිය මාර්ගයට විශාල මාර ගසක් අද (30) පෙරවරුවේ කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

තැපැල් සේවකයන්ගේ වැඩවර්ජනයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩවර්ජනය අද (30දා) සවස 4.00ටත්, තැපැල් කාර්යාල වර්ජනය රාත්‍රී 12.00ත් අවසන් කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.