රිය අනතුරු පහකින් පහක් මරුට
- 14 12 2025
- 10:30
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනේ ස්ථාන පහක සිදුවූ රිය අනතුරු පහකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බොරලැස්ගමුව පොලිස් වසම- 2025.12.13 වන දින සවස් කාලයේ බොරලැස්ගමුව පොලිස් වසමේ කොළඹ හොරණ මාර්ගයේ පිරිවෙන හන්දිය අසලදී පිළියන්දල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 19 ක් වූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
වැල්ලව පොලිස් වසම - 2025.12.13 වන දින සවස් කාලයේ වැල්ලව පොලිස් වසමේ ගෝනගම රංගම මාර්ගයේ රත්මලේ ප්‍රදේශයේදී ගෝනගම දෙස සිට රංගම දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් ටිපර් රථයේ රියදුරු හා මගීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුලත් කිරීමේදී රියදුරු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 50 ක් වූ වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය වාරියපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
දංකොටුව පොලිස් වසම - 2025.12.13 වන දින සවස් කාලයේ දංකොටුව පොලිස් වසමේ දංකොටුව පන්නල මාර්ගයේ සිංගක්කුලිය ප්‍රදේශයේ පන්නල දෙස සිට දංකොටුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දංකොටුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 18 ක් වූ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය දංකොටුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මදුරාගොඩ පොලිස් වසම - 2025.12.13 වන දින දහවල් කාලයේ මදුරාගොඩ පොලිස් වසමේ මාතලේ කුරුණැගල මාර්ගයේ අල්වලවලපිටිය ප්‍රදේශයේදී මාතලේ දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථය යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු රිදීගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 50 ක් වූ මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය රිදීගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මදුරාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කඩවත පොලිස් වසම- 2025.12.13 වන දින දහවල් කාලයේ කඩවත පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත පාලම අසලදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය රාගම රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 52 ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
