ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
මේ රටේ ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතු යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූහ.
ඇත්තටම මේ වන විට මේ රටේ පරිසර හානියත් එක්ක ජීවිත හානී, දේපළ හානී ගොඩක් සිද්ධ වුණා. මේකට ප්‍රධාන හේතුවක් විදිහට මම දකින එක දෙයක් තියෙනවා, අපිව ජීවත් කරවන්නේ සොබාදහම නැමති අම්මා, මේ සොභාදහම නැමැති අම්මාට වෛර කරන්න, දෝහීකම් කරන්න කරන්න, අකටයුතුකම් කරන්න කරන්න, සොබාදහම නැමැති අම්මා මොනම අවස්ථාවකවත් ඒකට ඉඩ දෙන්නේ නෑ.
කොයිම මොහොතක හරි, කොයි වෙලාවක හරි ඒකට දඬුවම් දෙනවා.ඒකට සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද, වෙනත් රටක ජාතිකයෙක්ද කියලා නෑ, පරිසරය යනු අපි සියලු දෙනාම පරිසරයේ එක්තරා කොටසක්, මානවා කියලා කියන්නේ පරිසරයේ එක්තරා කොටසක්, මේ පරිසරය විනාශ කරන්න විනාශ කරන්න අපි අගාධයට යනවා.ඒ වගේම ස්වභාදහමෙන් අපිට දඩුවම් දෙනවා.මෙවර ඇති වුණ ඛේදවාචකය දිහා බලන කොට උඩරට ප්‍රදේශයේ කඳු ටික කපලා, කැලෑ ටික කපලා හෝටල් හැදුවා, ආගමික සිද්ධස්ථාන හැදුවා, නිවාස හැදුවා, පාරවල් කැපුවා නොයෙක් විවිධ දේවල් ක්‍රියාත්මක වුණා.
ඒ ක්‍රියාත්මක වීමේ ප්‍රථිපලයක් තමයි පරිසර හානියත් සමඟ අපිට මේ ඛේදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වුණේ, අපි නිතර කල්පනා කරන්න ඕන, අපිව ජීවත් කරන්නේ මේ ස්වභාදහම කියන අම්මා, මේක තමයි මිනිස්සුන්ට තේරුම් ගන්නම බැරි කාරණය, අම්මාගේ කුසින් බිහි කළාට පස්සේ අපිට හුස්ම දෙන්නේ ස්වභාදහම නැමති අම්මා, ඒක අපිට පේන්නේ නෑ, ඒක අපිට කිසිදු භේදයකින් තොරව මේ ස්වභාදහම නැමති අම්මා නැති වුණ දවසට අපේ ජීවිතත් සම්පූර්ණ හානියට පත් වෙනවා.
මේ රටේ ජනග්‍රහණය එන්න එන්නම වැඩි වෙනවා, මිලියන 20 හිටපු එක දැන් මිලියන 21 කට 22 කට කිට්ටු කරලා.එතකොට අපේ මේ තියන භූමි ප්‍රමාණය බොහෝම සීමිතයි.ඒ සීමා සහිත භූමි ප්‍රමාණයත් එක්ක මේක මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නෑ, පවුලක් ගත්තම පවුලේ දරුවෝ 05 දෙනෙක් ඉන්නවා.
ඒ පස් දෙනාට දෙන්න තියෙන්නේ අක්කරයයි, එතකොට ඒ අක්කරය තුළ ඉන්න දරුවෝ ලොකු මහත් වුණාම ඒ අයට ඉඩම් කඩම් හොයාගෙන යන්න වෙනවා.ඒ වෙනුවෙන් කැලය විනාශ කරනවා, කඳු කපනවා, ඔය වගේ තත්වයක් තුළ තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ, ඒකට තියෙන්නේ එක විකල්පයයි, මම යෝජනා කරනවා ඔය පිටරටවල් ගත්තාම සමහර අය නගරයේ ජීවත් වෙනවා, ගොවිතැන් කරනවා, හවසට ගෙදර එනවා.නිදහසේ ජීවත් වෙනවා.එතකොට අලින්ගෙන් හානියකුත් නෑ, එවැනි තැනකට අපි මේ රට පත් කරන්න අවශ්‍යයි.
අලි ටික විනාශ වෙනවා, කැලෑ ටික විනාශ වෙනවා, තිරිසන් සතුන් විනාශ වෙනවා.ඇළ දොළ ගංගා විනාශ වෙනවා.මේක ක්‍රියාත්මක වුණාම කවදාවත් ඒක වෙන්නේ නෑ, ඒ නිසා මම යෝජනා කරනවා අකමැත්තෙන් නමුත් මේ රටේ ඉන්න සියලුම ජාතීන් අතර උපත් පාලන ක්‍රමයක් , පිරිස් පාලන ක්‍රමයක් ඇති කර ගත යුතුයි අවුරුදු ගානකට හරි, එහෙම නැති වුණොත් මේක බෝ වෙන්න බෝ වෙන්න අපිට වෙන්නේ ඉඩම් ප්‍රමාණය අඩු වෙනවා, කැලෑ විනාශ වෙනවා, ස්වාභාවික විපත් වැඩි වෙනවා.
ඒ නිසා මම යෝජනා කරනවා ආණ්ඩුවට මිනිස්සු ස්වයං පාලනයක් ඇති කර ගන්නවා නම් මේ ගැන හිතලා එසේ නැතිනම් නීතිය මගින් හරි මිනිසුන් ඉපදීමේ පාලන ක්‍රමයක් ඇති කරන්න අවශ්‍යයි.එහෙම නැති වුණොත් එහෙම අපිට විශාල, මේක අද නෙමෙයි, හෙට නෙමෙයි සමහර විට තව අවුරුදු ගාණකින් විශාල හානියක් ඇති වෙන්න ඉඩ තියෙනවා.ඒ නිසා වර්ෂයකට මැරෙන ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරලා, ඒකට අනුව උපදින්න වැඩ පිළිවෙලක් හදන්න අත්‍යවශ්‍යය වන කාලය. ඒ නිසා මම යෝජනා කරනවා රජයට, මොකද කවුරු ආණ්ඩු කළත් මේ ස්වාභාවික විපත් , මානවයා විසින් පරිසරයට කරන ලද විපත් වල ප්‍රථිපලයන් මේවා.මේ පරිසරයට කරන ලද හානි වල ප්‍රථිපල අදටත් අපි භුක්ති විඳිනවා. මීට වඩා වැඩි වෙනවා 2024 දීත් මම ඕක ප්‍රකාශ කළා එක්තරා නාලිකාවක මගේ සම්මුඛ සාකච්ජාවකදී.
මේක මේ ආණ්ඩුවට බර පටවලා, ආණ්ඩුවට දොස් කියලා ආණ්ඩුව විවේචනයක් නෙමෙයි. දුර්වලකම් තියෙනවා, ඒ වගේම රජයට කියන්න ඕන ආපදා කළමණාකරන මධ්‍යස්ථානය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් අවශයයි.ඒක මේ රජයෙන් ක්‍රියාත්මක කර තිබුණාදෝ , අඩුවක්ද කියලා මම හිතනවා.ඒ නිසා මම යෝජනා කරනවා ඉදිරියේ ඇති වෙන මේ ඛේදවාචකයන්ට මුහුණ දෙන්න නම් අනිවාර්යෙන්ම මානවයාගේ ඇති වීම, ඉපදීම පාලනය කළ යුතුයි.
අපේ පාලනයක් නෑ , සීමාවක් නෑ, ඒ නිසා මම යෝජනා කරනවා, රජයට එවැනි වැඩපිළිවලකට යන්න.ජනතාව ආකල්පමය වෙනසක් ඇති කර ගෙන ඒ ගොල්ල ස්වයං පාලනයක් ඇති කර ගන්නවා නම් ඉතාම වැදගත්, එහෙම නැතිනම් නීතිය මගින් මිනිස්සු පාලනය කරන්න අවශ්‍යයි.මම දැක්කා පසුගිය කාළයේ පිටරටක ඒ රටේ ජනග්‍රහණය වැඩි වෙන කොට පිරිසක් ඇවිල්ලා විශාල පිරිසක් මරලා දානවා, නඩු හෝ නීතී මොනවත් නෑ, නැවත ආයේ ක්‍රියාත්මක වෙනවා, අපේ රට වලත් එවැනි තත්වයක් ඇති නොවනවා කියලා අපිට කියන්න බෑ, ඒ නිසා මෙවැනි ඛේදවාචකයන් වලට, කණගාටුදායක ඉරනම් වලට මුහුණ දෙන්නට ඉස්සරලා අපිට සැලැස්මක්, දැක්මක් තිබිය යුතුයි.
ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න.මම යෝජනා කරන්නේ පුලුවන් තරම් හැකිතාක් දුරට, ස්වයං පාලනයක් ඇති කර ගන්න.අපිට ජීවත් වෙන්න තියෙන මාසික ආදායම තියෙන්නේ රුපියල් 1000 නම් , අපි 5000 ක් වියදම් වෙන ක්‍රමයට අපේ වියදම් යොදා ගත්තොත් අපිට ඒක කරන්න බෑ, අපිට උහුලන්න පුලුවන් වෙන්න ඕන, දරුවෝ හදන කොට උහුලන්න පුලුවන් වෙන්න ඕන.පිරිස හදන කොට උහුලන්න පුලුවන් වෙන්න ඕන, අපි ධනය උපයන කොට උහුලන්න පුලුවන් වෙන්න ඕන, අපි සියලු දෙනා මේ හැමදේ ගැනම හිතලා ලංකාවේ සිටින සියලු ජන කොටස් වලින් මම ඉල්ලීමක් කරනවා, පොදුවේ සහ පෞද්ගලිකව ස්වයං පාලනයක් තම තමන් ඇති කර ගන්න.
ස්වයං පාලනයක් ඇති කර ගැනීම තුළින්, පරිසරයට ආදරය කිරීම තුළින් තමන්ගේ දුවා දරුවන්ට ගස් කොලන්වලට ආදරය කරන්න උගන්වන්න.එහෙම උගන්වල ස්වභාදහම ගැන විශ්වාසය ඇති කරලා , ඔය කා ගැනවත් විශ්වාසය තබන්න එපා ඔබ ස්වභාදහම ගැන පමණක් විශ්වාසය තබන්න.සොබාදහම කවදාවත් මේ රජ්ජුරුවෝද, මේ දුප්පතාද, පෝසතාද, මේ තිරිසන් සතාද කියලා මොකවත් නෑ, සොබා දහම සියලු දෙනාටම බෙදන්නේ එකම හැන්දෙන්, එදා සොබාදහම අපිට දුන්නේ හොඳ ආදර්ශයක්, සොබා දහමට කරපු හිංසා පීඩා උහුලාගෙන ඉන්න බැරි වෙන කොට සොබා දහම මොකක් හරි ක්‍රමයකින් ඒ සියල්ල අතුගා දානවා.හැම දහමකම උගන්වන්නෙත් ඕක.සොබාදහමේ නිර්මාණයක් නේ මිනිසා කියන්නෙත්, මේ භෞතික, අභෞතික සියලුම දේ ස්වභාදහමේ නිර්මාණනේ, ඉතින් මේවා ගැන හොඳට හිතලා, මම අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා මීට වඩා ක්‍රමවත් ආපදා කළමණාකරන වැඩපිළිවෙලක් හදන්න, ඒකට අවශ්‍යය මිනිස්සුන්ගේ සහයෝගය ලබා ගන්න.
පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ රට වැටුණු අගාදයෙන් ගොඩ එන්න නම් තම තමන්ට බලය ගන්න, තමන්ගේ පුටුව රැක ගන්න නෙමෙයි කථා කරන්න ඕන, කථා කරන්න ඕන සියලු දෙනා එකට එකතු වෙලා මේ අසරණ වෙච්ච ජනතාව මේ දැඩි ලෙස හානියට පත් වෙච්ච රාජ්‍යය දේපළ , පෞද්ගලික දේපළ, තමන් මුළු ජීවිත කාළයේම හම්බ කරපු සියලු දේ එක මොහොතින් විනාශ වෙලා ගියා දැක්කා නේද, ඒක තමයි යථාර්ථය.සමහර මිනිස්සු පාරකට තමන්ගේ ඉඩමෙන් අඩියක් දෙන්නේ නෑ, ගුරුකම්, පෙරේතකම්, කුම්මැහිකම් කරකරා මිනිස්සු ජීවත් වුණා දැක්කද වෙච්ච දේ, ඒ නිසා ඒවා තේරුම් ගන්න, ඒ නිසා හැකිතාක් දුරට තමන් ස්වයං පාලනයක් ඇති කරගෙන, සොබාදහමට ආදරය කරන්න, යැයි පැවසූහ’
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

