ජනපති පාර්ලිමේන්තුවේ එකක් හා සම්බන්ධීකරණ රැස්වීමේදී තවත් එකක් කියනවා
"අපි විශ්වාස කරනවා මේ රටේ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඒ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි මීට වඩා විශ්වාශය තැබිය යුතු බව" පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
අම්පාර දෙහිඅත්තකණ්ඩිය ගම්මනාවල ගංවතුරින් විපතට පත්වු පාසැල් සහ පෙර පාසැල් දරුවන් වෙනුවෙන් පාසැල් පොත් බෙදා දිමේ උත්සවයකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය. දෙහිඅත්තකණ්ඩිය රංහෙලගම ගම්මානයේ ශ්‍රි ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේදි ඒම පොත් බෙදාදිමේ උත්සවය පැවැත්විය.
"අපි යන හැමැතැනකම දකින කාරණයක් තමයි සම්බන්ධිකරණයේ ගැටලුවක් තියෙනවා. ජනතාවට සහන දෙන්න තීන්දුවක් අරගෙන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදි ඒ පිළිබදව ප්‍රකාශයක් සිදුකරා . නමුත් සංවර්ධන කමිටු රැස්විම් වලදි එයට වඩා වෙනත් ප්‍රකාශයක් එතුමා ගේ කටින් කියවුණා.
කෙසේ වෙතත් චක්‍ර ලේඛණයක් එවලා තිබුණත්ත් තවම නිර්ණායක එවලා නෑ. තවම රුපියල් 25000 දෙන නිර්ණායකය විතරයි තියෙන්නේ.ඉතාමත් කඩිනම්න් ආණ්ඩුව ව්‍යසනයට පත්වු ආපදවට පත්ව සිටින ජනතාවගේ නිවාස හානි දේපල හානි ජීවිත හානි අනකුත් වෙළඳ ආයතනවලට සිදුව හානි විහාරස්ථානවලට සිදුවු හානි ගනණය කරල නිළධාරින් දැනුවත් කල යුතුයිත
අද වෙනකම් ආණ්ඩුව ඒ කටයුත්ත සිදුකරලා නැහැ. ඒක නිසා නිළධාරින් අපහසුතාවයට පත්වෙලා තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදි එකක් කියනවා දිස්ත්‍රික් කාර්යාලයට ඇවිත් තවත් එකක් කියනවා. මොන ආකරයේ ප්‍රකාශ කරත් ගණනය කරන ක්‍රමවේදය පිළිබදව නිළධාරින් දැනුවත් කරලා නැහැ.
ජනාධිපතිවරයා කඩිනම්න් ලිඛිතව ඒ නිළධාරින් දැනුවත් කල යුතුයි. ඒ වගේම තමයි ප්‍රාෙද්ශිය සංවර්ධන කමිටු කැදවිය යුතුයි .අවම වශයෙන් සතියකට සැරයවක් වත් ප්‍රා දේශිය සංවර්ධන කමිටු කැදවලා විකල්ප ඉඩම් ලබාදෙනවද ලබාදෙන්නේ කොහොමද,ලක්ෂ 50 ක මුදලක් දෙනවා කිව්වා.ජනාධිපතිවරයා ඒක දෙනවද? කොහමද ඒක දෙන්නේ ,ගෙයක් පුර්ණ හානි උනොක් රුපියල් ලක්ෂ 50 ක් දෙනා කිව්වා ජනාධිපතිතුමා ඒවා දෙන්නේ කොහොමද? කියලා ප්‍ර දේශයෙන් ප්‍රදේශයට තීන්දු ගත යුතුයි.
පලමුව රාජයාන්ත්රය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නිති රිති රෙගුලාසි හදල දෙන්න ඕනේ. රජයෙන් පසුගිය කාලේ දුන්න පොහොර සහානාධාරයත් ලැබුනේ නැහැ.සමහර ප්‍රදේශවල තවම එම මුදල් ලැබුනේ නැහැ.එහෙම තියෙද්දි තමයි මේ ආපදාවලට ලක්වුණේ. විපතට පත් ජනතාවට සාධාරණ මුදලක් ලබාදිය යුතුයැයි"
අම්පාර වසන්ත චන්ද්‍රපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
