ආධාර දි.ලේ. හෝ ප්‍රා ලේ කාර්යාලයට ලබා දෙන්න
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වු ආපදාවන් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් වියලි ආහාර ඇතුළුව ජනතාව විසින් ලබා දෙනු ලබන සියලු ආධාර මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියේජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරන්නේ ජනතාව වෙනුවෙන් ආධාර ලබා දීම අවිධිමත්ව සිදු වීම නිසා එම ආධාර නිසි ලෙස සුදුසු පුද්ගලයන් අතට පත්විමේ දී ගැටළු මතුව ඇති බවත් ඇතැම් අවස්ථාවන්වල ආධාර රැගෙන යන පිරිස් නොමඟ යවා අතරමඟදී වෙනත් පුද්ගලයන් මෙම ආධාර ලබා ගැනීමේ අවස්ථාවන්ද වාර්තා වී ඇති බවයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ආධාර බෙදා දීමේදී නිසි ක්‍රම වේදයකට බෙදා හරින බවත් ඒවා සම්බන්ධ ලිඛිත සටහන් තබා ගන්නා බවත්ය.
තමන් ලබා දෙන ආධාර ද්‍රව්‍ය නිසි පරිදි බෙදා හැරීම සහතික කර ගැනීමට මෙම ක්‍රමය මගින් හැකියාව ඇති බවත් ඒ මහතා කිය.
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
