පැවැති අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීම හේතුවෙන් වෙන්නප්පුව, දංකොටුව, පන්නල, කටාන යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ප්රදේශ රැසක උළු කර්මාන්ත ශාලා 120 කට ආසන්න ප්රමාණයක් විනාශ වී ඇති බව එම කර්මාන්ත කරුවන් පවසති.
මා ඔයට ආසන්නයේේ පිහිටි ඇතැම් කර්මාන්තශාලා ජල පහරට හසු වී භූමියද සමඟ මා ඔයට ගසාගෙන ගොස් ඇති අතර ඇතැම් කර්මාන්තශාලා ජලයෙන් යට වීම නිසා ඒවායේ නිෂ්පාදනය කරමින් තිබූ උළු හා මැටි විශාල ප්රමාණයක් විනාශ වී ගොස් ඇති බවද ඔවුන් කියයි.
බොහෝ කර්මාන්තශාලා තුළ ජල ගැල්ම සිදුවන අවස්ථාවේදී නිෂ්පාදනය කරන ලද උළු විශාල ප්රමාණයක් ගබඩා කර තිබූ අතර එම උළු සහ මැටි භාණ්ඩ ඇතුළු තවත් බොහෝ දෑ ජලයට හසුවීමෙන් විනාශ වී ඇති බවත් එම කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.



