යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් සරසවි උයන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟට ඉහළින් ඉදිකර ඇති දුම්රිය පාලම හෙවත් "යකා පාලමට " සිදුව ඇති හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරිම මේ වනවිට ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම දුම්රිය පාලමේ පාදමට සිදුව ඇති හානිය සහ පාලමේ රැදී ඇති කුණු කසල ඉවත් කරලීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීම සිදුකරන අයුරු ඡායාරූපවල දැක් වේ.
1897දී බ්‍රිතාන්‍යයේදී සකස් කර කොටස්ව ශයෙන් මෙරටට ස්ථාපිත කළ මෙම පාලම දිගින් අඩි 348ක් ක් වේ. කළු පාලම (යකා පාලම) හඳුන්වන්නේ යකෙකුටවත් පෙරළිය නොහැකි එකක් බවට වන ජන වහර අනුව උවද පසුගියදා පැමිණි ජලය මහවැලි ගඟේ සිට අඩි 40ක් පමණ උසින් පිහිටි දුම්රිය මාර්ගය යට කරගෙන ගිය අතර ඒ හේතුවෙන් පසෙකට ඇල වී තිබේ
මේ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරන අංශ, මාර්ග සංවර්ධන අධිකාරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද හමුදාවේ පිරිස් එක්ව සිටියි. මේ අතර දුම්රිය පාලම නිරීක්ෂණය සඳහා ප්‍රවාහනය, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා (13) එක් වූහ.
දුම්බර එම්.ආර්. ප්‍රදීප්




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
