saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4455 hours ago

LATEST

රාජිත වාර්තාගත පන්දුයැවීමකින් කොළඹ දිනවයි

calendar_today 2022 දෙසැ 14 - 23:30 remove_red_eye - 674  

කසුන් රාජිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දඹුල්ල ඔ්රා පරදා කඩුළු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය. තරගාවලියේ 14 වැනි තරගය ලෙසන මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.

අයි.සී.සී. විස්සයි විස්ස පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි නවතම පෙරමුණ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ටාහිලා මැග්‍රාත් සමත්වී ඇත. ඒ අයි.සී.සී.ය නිකුත් කළ නවතම කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම්වලට අනුවයි.

Read More

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු මානස් ලැබුෂේන් සිය ටෙස්ට් පිතිකරණයේ උපරිම ප්‍රසාද ලකුනු මට්ටමට ලගා වී ඇත. ඒ සමස්ථ ටෙස්ට් ලකුණු 937 ක් හිමිකර ගනිමිනි.

Read More

ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බ්‍රසීලය මේ වන විට සිය ජාතික කණ්ඩායම සඳහා පාපන්දු පුහුණුකරුවෙකු සොයමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය ජනප්‍රිය වූ ක්‍රොයේෂියානු නිරූපිකා ඉවානා නොල් සිය රට පරාජයට පත්වූ ආර්ජන්ටිනාව සමඟ අවසන් පුර්ව තරගයද නැරඹීමට පැමිණ තිබීම කාගේත් කථාබහට ලක්වී තිබිණ.

Read More

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැති වීමේ ගැටළුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමක සිටින බව ආර්ථික ස්ථායීකරණය සඳහා වූ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන් වූ ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන්මහා තරගයට ආර්ජන්ටිනාව සුදුසුකම් ලැබීමත් සමගින් ආර්ජන්ටිනාවේ අගනගරය වූ බුවනෝස් අයර්ස් වෙතට විශාල ජනගංගාවන් ඇදී ඒමට පටන්ගෙන ඇත.

Read More

බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සමගින් පැවති තරගයෙන් ලකුනු 10 ක තියුනු ජයක් හිමිකර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ 13 වැනි තරගය ලෙස අද (14දා) සන්ධ්‍යාවේ මෙය පැවැත්විණි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරට අදාළ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බවට මහජන උපයෝගීතා කොමිසම අද (14දා) ප්‍රකාශයක් නිකුත් කළත්, විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය එවැනි එකඟතාවක් පළ කර නොමැති බව එම සන්ධනායේ සාමාජික විදුලිබල මණ්ඩල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම ශාඛාව පවසයි.

Read More

මූල්‍ය අරමුදලේ සහාය ඇතිව හෝ නොමැතිව රට ඉදිරියට යා යුතු බවත් නිවැරදි ප්‍රතිපත්ති රාමුවක රට ගමන් කළ යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

පල්ලෙකැලේ පොලිස් වසමේ පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උසඅඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක්සොරුන් විසින් ගලවා ගන්න ගොස් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.

Read More

ජනවාරි මාසයේ දී අයිඑම්එෆ් ණය ලබා ගත හැකි බවටත් ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණ්ඩුව පවසන්නේ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි සිදු කළ බවට චෝදනා ලැබ සිටි 11 වැනි සහ 12 වැනි චූදිතයන් අද (14) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

Read More

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225 කින් අද (14දා) මධ්‍යම රාත්‍රී සිට පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

Read More

ළමා මන්දපෝෂණය ඇති බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව වැඩ තහනම් කිරමෙන් සෞඛ්‍ය බලධාරීන් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කළැයි කියමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14දා) තීරණය කළේය.

Read More

මුහුදු පොකිරිස්සන් ඇල්ලීමට බෝට්ටුවකින් උස්වැටකෙයියාව මුහුදු තීරයේන් ගෑඹුරූ මුහුදට ගිය මුහුදු කිමිදුම්කරුවකු එලන ලද දැලකට පැටලී මිය ගොස් සිටියදී හමුවී ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

Read More

ප්‍රථිපල එන්නේ නැත්නම් පරණ තැන​​ සිරවී සිටීමෙන් වැඩක් නැති බවත් ණය උගුලෙන් බේරීමට අලුත් ආර්ථිකයක් ඇතිකළ යුතු බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

Read More

කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් ලබා දී වංචා කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඌවතැන්නේ සුමන හිමි ලබන 24දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (14දා) නියෝග කළේය.

Read More

ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත.

Read More

මෙරට දිනකට පස් දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවන බව දකුණු පළාත භාර ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද (14දා)අම්බලන්ගොඩ පැවති උත්සවයකදී පැවසීය.

Read More

මෙම වසරේදී මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

2022 කටාර් ලෝක කුසලාන තරගාවලිය යටතේ එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය තමන්ගේ ක්‍රීඩා දිවියේ අවසන් ලෝක කුසලාන තරගය වෙනු ඇතැයි ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පවසයි.

Read More

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද (14දා) අළුයම සිව්වන මහලෙන් බිමට පැන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි .

Read More

(LONG READS)’ආදායම් වියදම්’ පිළිබඳ අද සෑම තරාතිරමකම පුද්ගලයන් අන්කවර දාකටවත් වඩා කතාබහට ලක්වන කරුණකි. ආර්ථික උද්ධමනය, ආහාර උද්ධමනය පිළිබඳ පර්ලිමේන්තුවේ පවා වාද විවාදයට ලක්ව ඇත. ඉන් නොනැවතී විදේශීය ප්‍රජාවගේද අවධානය අප රටේ ආහාර උද්ධමනය කෙරෙහි යොමු වී ඇත.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමට එම අරමුදලේ විධායක මණ්ඩලය වසර අවසන් වීමට අනුමැතිය නොලැබෙනු ඇතැයි මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමි්න රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (13දා) සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 180 ක් පමණ (කිලෝ මීටර් 333 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පෙරලීමෙන් අනතුරට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් නිරුපද්‍රිතව බේරාගැනීමෙන් අනතුරුව, ගොඩබිමට රැගෙනවිත් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.