විසඳුම් නැත්නම් 10 වැනිදා සිට දුම්රිය ඩග් ගාලා නවත්තනවා කියනවා. මේක සාධාරණ නෑ. මේක පව්. දුම්රිය ගමන් කරන මගීන්ට. ඇමතිවරු ලෙස අපිට 10 වැනිදා වර්ජනය කරනවා ඒක නිසා බදවා ගන්න කියන්න බලයක් නෑ. මම ඇමතිවරයෙක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව රටේ නීතියට අනුවයි.
බණ්ඩාරගම තරුණයන් අතරේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් අලෙවි කරමින් සිටී 20 හැවිරිදි තරුණයෙකු බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
Read Moreප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත්කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreරාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ව්‍යවසායන් සියල්ල සඳහා මහා භාණ්ඩාගාරයට සියයට 100ක් කොටස් හිමි මව් සමාගමක් ස්ථාපිති කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreනුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකට හා අඹේවෙල පට්ටිපොළ යන ප්‍රදේශවල (03) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 10000 ගුණත්වයෙන් ඉහළ මෙන්ම තත්ත්ව සහතික ලත් සහල් තොගයක් බව ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී හූ වෙයි මහතා පවසයි.
Read Moreමේ වසරේ දෙසැම්බර් මාසයේදි ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 91961ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreබිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අද (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
Read Moreලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලංකා භූමිතෙල් මිල ගණන් පහල දැමීමට පියවර ගෙන තිබේ.
Read Moreපක්ෂයක් ලෙස ඉන්ධන හෝ විදුලි බිල් වැඩිකිරීම ප්‍රතිපත්තිය නොවූ නමුත් ජනතාව ඉල්ලා සිටි දේ දැන් ජනතාවට ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
Read Moreවිදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් සමග සාකච්ඡා කළ බවත් ඒ් අනුව විදුලි ගාස්තු වැඩි කිරිමට ඉඩ ලබා නොදෙන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreවිවිධ හේතූන් නිසා දෛනිකව දුම්රිය ගමන්වාර සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වන නිසා ජනතාවගේ ගමන් පහසුව සඳහා දෛනිකව ධාවනය වන බස්රථ ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreදෛනික ලොතරැයි පත් අලෙවිය 35%ත් 40%ත් අතර ප්‍රමාණයකින් මේ වනවිට අඩු වී තිබෙන බවත්, මේ නිසා ලොතරැයි අලෙවි සහායකින් දැඩි ලෙස අසරණ වී සිටින බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජතයන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙම වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5දා බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
Read Moreදිගු ගමනක් සඳහා අවශ්‍ය නව නීති ප්‍රතිසංස්කරණ 22 ක් පසුගිය මාස හය තුළ සම්මත කළ බවත් ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreපිළියන්දල කොළඹ පාරේ ජංගම දුරකථන හා උපාංග අළෙවි සැලැක් මෙන්ම අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයක් බිද සොරාගත් දේපල මුහුණු පොත ඔස්සේ විකුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.
Read Moreපෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
Read Moreමේ වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීනය මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කරන බැවින් මෙම වසර 2022 හා සැසදීමේදී දුෂ්කරමය වසරක් වෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා ප්‍රකාශ කළාය.
Read Moreවිදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතාමත් අසාධාරණ බවද එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2දා) පැවසීය.
Read Moreඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සේවිකා සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වය නිරාකරණය කරමින් ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.
Read Moreතන්තිරිමලය පොලීසියේ නිලධාරියෙකු ලබා දුන් ගිනි අවියකින් විල්පත්තුව වනෝද්‍යානය ආසන්නයේ දී වැලි මුවෙකු දඩයම් කර එම සත්වයා ගේ මස් තොගයක් ළභ තබා ගෙන සිටි පුද්ගලයෙකු, ටී 56 ගිනි අවියක්, සහ ජීව උණ්ඩ සහිත මැගසිනයක් සමග ඊයේ (1දා) වනජීවී අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව තන්තිරිමලේ පොලිසිය පවසයි.
Read Moreදුම්රිය සේවකයන්ගේ හිඟය හේතුවෙන් හෙට දිනයේ සිට ඇතැම් කාර්යාල දුම්රිය මන්දගාමීව ධාවනය කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවැසීය.
Read Moreබදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි ,හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පාලිත රාජපක්ෂ මහතාට මැර ප්‍රහාරයක් එල්ල වීමකට විරෝධය පාමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්මණ්ඩලය අද (2දා) දහවල් බදුල්ල මහ රෝහල ඉදිරියේදී නිහඩ විරෝධයක් දැක්වූහ .
Read Moreවිජේරාම 8 කනුව ප්‍රදේශයේ ගරාජයක් තුල මත්පැන් සාදයක් පැවැත්වූ පුද්ගලයන් තිදෙනෙක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreවිභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02දා) උදෑසන වැඩ භාර ගත්තේය.
Read Moreගෙවුණු වර්ෂය ශ්‍රී ලාංකික අපට අභියෝගාත්මක වර්ෂයක් ලෙස සඳහන් කළ හැකිය. කෝවිඩ් වසංගතයේ අඳුරු සෙවණැලි යම් ආකාරයකට පහව යද්දී, ආර්ථික හා දේශපාලන අර්බුදයකින් ජනතාවට පීඩා විඳින්නට සිදුවිය. බලශක්ති අර්බුදයත් සමග අන්ධකාරයේ වෙළෙන්නට වීමත්, ගෑස් හා ඉන්ධන නොමැති වීමෙන් දිගු පෝලිම්වල දුක්විඳින්නට වීමත්, ප්‍රවාහන ගැටලුවලට මුහුණදෙන්නටත් ජනතාවට සිදුවිය.
Read Moreඒ නිසා මම එක කාරණයක් කියන්න කැමතියි. තමන්ගේ වැඩ පැය අටකට සීමා වෙන්නෙ නෑ. තමන්ගේ වැඩ කටයුතු සතියේ දවස් පහකට සීමා වෙන්නේ නෑ. අපි කැපවෙලා වැඩ කරමු, සාමාන්‍ය තත්ත්වයක් ඇති කරමු. ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් රට ඉදිරියට ගෙනි යන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreවසරේ පළමු දිනයේම යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශ්යේදී නිවසක වලදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු ඊයේ (01දා) අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.පවසයි.
Read Moreයාපනය නවගිරි ප්‍රදේශයේ පිහිටි එළු පට්ටියකදී දෙඇස් අමුතු පිහිටීමකින් යුතු එළුපැටවකු ප්‍රසූත කර ඇතැයි වාර්ථා වෙයි. මෙම එළු පැටවාගේ දෙඇස් සාමාන්‍ය අයුරින් එළුවන්ගේ තිබිය යුතු ස්ථානයේ පිහිටා නොමැති අතර මෙම එළුපැටවාගේ දෙඇස් පිහිටා ඇත්තේ නලලේ බවට එළුපට්ටියේ හිමකරු විසින් පෙන්වා දෙයි.
Read More