පාසල් යන වයසේ නව යොවුන් පෙම් යුවලක් උපකාරක පන්තිය හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක පෙම් සුව විඳිමින් ගමන් කරමින් සිටිදි තරුණයා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මව පියා සහ පියාගේ මිත්රයෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට ප්රදේශයම ප්රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන මෙම 17 හැවිරිදි සිසුවා හා 18 හැවිරිදි සිසුවිය තම පාසල ආසන්නයේම ඇති පෞද්ගලික උපකාරක පංතියක දේශන හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටියදී සිසුවියගේ පියා තවත් මිතුරෙකු සමග මෝටර් රථයකින් පැමිණ සිසුවා හා තම දියණිය මෝටර් රථයට නංවාගෙන කටුගස්තොට යටිවාවල ප්රදේශයේ ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් සිසුවියගේ මව පියා සහ මිතුරා එක්ව එම සිසුවාට පහරදී තර්ජනය කොට නැවත නිත්තවල ප්රදේශයේ පිහිටි සිසුවා ගේ නිවසට පැමිණ සිසුවා භාරදී ඇති බවයි පොලිසිය පවසන්නේ .
කෙසේ නමුත් සිසුවාට පහරදුන් බවට සිසුවා දෙමව්පියන්ට පැවසීමෙන් පසු සිසුවා පෙරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට කටුගස්තොට පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ කොට සිසුවියගේ පියා මව සහ මිතුරා අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සිසුවියගේ මව සහ පියාගේ මිතුරා ඇප මත නිදහස් කොට සිසුවියගේ පියා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ .
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.