සම්බුද්ධසාසනය ගොඩනැගිම සමරෙක් කට වචනයට පමණක් සීමා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.මහියංගනය පුද බිම පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ අපි හැමෝම දන්නවා අද සමාජය තුල සම්බුද්ධසාසනය ගොඩනැගිම සමරෙක් කට වචනයට පමණක් සීමා කරලා තියෙනවා. සම්බුද්ධ සාසනනයට එල්ලවෙන්න පුළුවන් වර්ථමාන හා අනාගත අභියෝග පිළිබදවත්, අපි සැලකිලිමත් වීම සිදු වියයුතු කාරණයක්. විශේෂයෙන්ම සම්බුද්ධ සාසනය පරිහානියට පත් කරන විවිධ කුමන්ත්‍රණකාරි බලවේග අද ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ආන්ඩුක්රම ව්යයවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුකස්ථානය දෙනවා කිව්වාට මදි, ඒ සංකල්පය මහපොළවේ යථාර්ථයක් බවට පත් කරන්නට ක්‍රියාවෙන් ඒ දේ ඔප්පු කරන්නට ඕන. සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසා අපි සියළු දෙනා එකතුව ඒ වෙනුවෙන් ඇප කැපවෙන්නට ඕන. “ යැයි පැවසීය