මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකක දෙකෙන් එක් ඒකකයක් මැයි මස 06 වැනි දින සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙන බවත් අනෙක් යන්ත්‍රයද නඩත්තු මට්ටමේ පවතින බැවින් එම යන්ත්‍රය ද ඉදිරි කාලයේ බිඳවැටීමේ සම්භාවිතාවක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි .
දැනට බිඳ වැටීමට ලක්ව ඇති යන්ත්‍රය 2006 වර්ෂයේදී මහනුවර ජාතික රෝහලේ ස්ථාපනය කොට ඇති අතර එම යන්ත්‍රය සඳහා සේවා සපයන මව් සමාගම විසින් 2019 වර්ෂයේ දීමෙම යන්ත්‍ර සඳහා අමතර කොටස් සැපයීම නතර කරන බවට එහි සේවා සපයන දේශීය සමාගමට දන්වා තිබෙන බවද රවි කුමුදේශ් මහතා කියයි .
ඒ අනුව මහනුවර ජාතික රෝහලේ බලධාරීන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කොට නව යන්ත්‍රයක් ලබා දෙන ලෙස දැනුම් දීමක්ද කර තිබෙන බවයි ඔහු පවසන්නේ .
මෙම එක් යන්ත්‍රයකින් දිනකට රෝගීන් 15-20 අතර ප්‍රමාණයක් පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සිදුකළ බව පවසන්න රවි කුමුදේශ් මහතා පසුගිය වසරේ රෝගීන් 7200 ක ට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිට ඇති අතර එයින් විශාල ප්‍රමාණයකට පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමට අවස්ථාව නොලැබුණ බව ද කියයි .
මෙම යන්ත්‍ර වලින් ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි වල ඇතිවන අවහිරතා හඳුනාගැනීම, කිරීටක ධමනි අවහිරතා මඟ හරවා ගැනීම සඳහා ස්ටෙන්ටිං ප්‍රතිකාර කිරීම, හෘදයේ ඇතිවන සිදුරු හඳුනාගැනීම සහ ඒවා නිවැරදි කිරීම, හෘදයේ කපාටවල ඇතිවන දෝෂ හඳුනා ගැනීම ආදී සේවාවන් රෝගීන්ට සැපයේ.
