අමු මිරිස් ඇතුළු බොහෝ එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර සමහර ප්‍රදේශවල මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 700 දක්වාත් අමුමිරිස් කිලෝවක මිල රුපියල් 500 දක්වාත් ඉහළ ගොස් තිබේ.
එළවළු හා මිරිස් මිල ඉහළ යෑමේ ප්‍රධාන හේතුව වන්නේ මැනිං වෙළෙඳ පොළට හා ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු හා මිරිස් තොග 40෴ ත් 50෴ත් අතර ප්‍රමාණයකින් අඩු වීම බවද සීමාසහිත සමස්ත ලංකා එකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.
පසුගිය දිනවල බොහෝ ප්‍රදේශවලට ඇතිවූ අධික වැසි තත්ත්වය නිසා වගා විනාශවී ගොස් තිබෙන බවත්, මේ නිසා එළවළු හා මිරිස් මිල සමාන්‍ය තත්ත්වයට පත්වීමට මාස දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවත් එමසංගමයේ ජාතික සංවිධායක එච්. එම්. උපසේන මහතා අද කළ විමසීමකදී සඳහන් කළේය.
ඊයේ(29දා) මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 450 ත් 500 ත් අතර විය. අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 350 ත් 400 ත් අතර විය. තාක්කාලි හා ගෝවා කිලෝවක මිල රුපියල් 250 ඉක්මවා ඇත. කැරට් හා ලීක්ස් කිලෝවක මිල රුලියල් 200 ත් රුපියල් 220 ත් අතර තිබූ බවද උපසේන මහතා පැවසීය.
සිල්ලර මිල සැලකීමේදී සමහර ප්‍රදේශවල බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 460 ත් රුපියල් 520 ත් අතරද, ගෝවා හා බිට් රූට් කිලෝවක් රු.450 ත් රු.500 ත් අතරද, කැරට් හා ලීක්ස් කිලෝවක මිල රුපියල් 400 ඉක්මවාද තිබූ අතර එළබටු හා තිබ්බටු කිලෝවක මිල රුපියල් 550 ත් රුපියල් 600 ත් අතර අතර විය.