ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක්ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ආගමික සංහිඳියාව බිඳ දමමින් ජන කොටස් අතර විරසකයක් ඇති කොට යළි රට කඩා වැට්ටවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වනබවට ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව මෙමකඩිනම් තීරණය ගෙන ඇත.
අදාළබුද්ධි තොරතුර ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට ඊයේ (29දා) උපදෙස් දෙනු ලැබුවේ පොලිස්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කඩිනමින්අ වශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ආගමික සංහිඳියාවට බාධාවන කරුණු සමාජයට පැමිණීමට පෙර ඒවා වළක්වා ගැනීමේ වගකීම අලුතින්ස්ථාපිත කෙරෙන නව පොලිස් ඒකකයට පැවරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.