කැලණි වැලියේ දුම්රිය ධාවනය වේගවත් කිරීමට අගමැති උපදෙස්
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා කඩිනමින් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දෙන ලදී.
ඔහු මෙම උපදෙස් ලබා දුන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී, පසුගියදා පැවති ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද එක්වූ මෙම සාකච්ඡාවේදී, අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දුම්රිය අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුවට පැමිණෙන විට, අවිස්සාවේල්ල - කොස්ගම අතර පමණක් 4 වරක් මහාමාර්ගය හරහා ගමන් කරන බවය.
එමනිසා මෙම මහාමාර්ගය හරහා ගමන් කිරීම නැවැත්වීමෙන් මාර්ග තදබදය අඩුකරගෙන, වෙලාව ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ සඳහා එක පැත්තකින් දුම්රිය මාර්ගයත් අනෙක් පැත්තෙන් මහා මාර්ගයත් දිවෙන අයුරින් සකස් කළ නොහැකිදැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කළේය. නව සංකල්ප වෙත යොමුවන ලෙසත්, සංවර්ධනය මහජනතාව වෙත ළඟා කරන ලෙසත් ඔහු නිලධාරීන්ට දැනුම් දුන්නේය.
අවිස්සාවේල්ල සිට පැමිණෙන විට මහාමාර්ගය හරහා යන පළමු හරස් මාර්ග දෙක වන කිරිවන්දල හා පුවක්පිටිය, අපහසුවකින් තොරව ඉවත් කිරීමට හැකියාව ඇති නිසා ඒ සඳහා ප්‍රමුඛතා කටයුත්තක් ලෙස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පැවසුවේ, කැලණි වැලි සඳහා තවත් දුම්රිය මාර්ගයක් එක්වනවා නම් පැය 3ක් වන දුම්රිය ගමන පැයක් දක්වා අඩුකරගත හැකි බවත් ඉන්ධන ඉතිරි කරගත හැකි බවය. දීර්ඝ කාලයක් තිස්සේ පමාවී ඇති සංවර්ධන කාර්යයක් වන කැලණි වැලි දුම්රිය මාර්ගය දියුණු කිරීම මෙම අවස්ථාවේ ඉටු කර ගැනීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
popular news
-
Sam Tuesday, 30 May 2023 07:54 AM
please get a advice from Laithsiri Gunawardena.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 30 May 2023 11:39 PM
ඔය නැතිවුණා කියල බොරුවට අඬා වැළපෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය එහෙම නවතලා මෙන්න කරනවනම් කළ යුතු සැබෑ යටිතල පහසුකම් ව්‍යාපෘති. දැන්වත් පොළේ පෑදුනා නම් ඇති. අධිවේගී මාර්ග සැහැල්ලු දුම්රිය මාර්ග වැනි ව්‍යාපෘති පැත්තක තියල මුලදීම මෙහෙම යෝජනාවක් ක්‍රියාත්මක වුණා නම් රටට හා ජනතාවට කොපමණ ප්‍රතිලාභයක් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

