saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 399 hours ago

LATEST

වසර තුනකදී විදුලි ඉංජිනේරුවන් 226ක් සේවයෙන් ඉවත් වෙලා

calendar_today 2025 අගෝ 17 - 20:12 remove_red_eye - 97  

පසුගිය වසර තුනෙහිදී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 226ක් සේවයෙන් ඉවත්ව ගොස් තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස 20% ක් බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඖෂධ හා ශල්‍ය උපකරණවල මිල ඉහළ යාමෙන් රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින නිසා මිල නියාමනයක් ඇති කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

මාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදු කල කැණීම් වලදී ලන්දේසි යුගයට අයත් බවට සැක කෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා අද (17) මාතර දී පැවසීය.

Read More

රුපියල් 363 ට තිබ්බ ඩීසල් අපි දෙසීය ගණන්වලට බැස්සුවා, පොහොර මිල බැස්සුවා,වී කිලෝවක නිෂ්පාදනය රුපියල් 78 ක් යනකොට, අද ගොවියා රුපියල් 120 ට රජයට වී දෙනවා, වී කිලෝකට හැත්තෑ අටක නිෂ්පාදන වියදම ඇරලා ගොවියා 120 ට වී දෙද්දි ගොවියාට ලාභයක් නැද්ද, අපි තවත් වැඩක් කරා ගොවියට ලාබ ගන්න වී ගබඩා ටික සේරම ඇරියා,අපි සහතික මිලක් නියම කෙලේ නෑ. මෙතෙක් හැම ආණ්ඩුවක්ම නියම කලේ සහතික මිලක්. අපි නියම කළේ අවම මිලක්.සහතික මිලක් නියම කරාම ඒක තමයි මිල.

Read More

දිගු කලක් ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස සම්පූර්ණ කිරීම සඳහා චීන EXIM බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 කට සමාන රෙන්මින්බි (RMB)ණයට ගැනීමට සහශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වෙන වෙනම ලබා දීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ජනගහණය, ස්වභාවික සම්පත් සහ පහසුකම්, ඌණතා සහ දුෂ්කරතා ආදී සියල්ල බද්ධ වන මෙරට ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් මෙන්ම සංචාරක ව්‍යාපාරයට ද මුලිකත්වයක් හිමිවන දියතලාව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් දියතලාව මුලික රෝහල දැනට තිබෙන අක්කර 07 ක භූමි සීමාව තුළ මුලික රෝහල (ඒ) හැටියට උපරිම මට්ටමට දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පළමු බලාපොරොත්තුව බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

Read More

තමාට කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බවත්, කෙසේ වෙතත් දේශපාලන බලපෑම් තිබෙනවා නම් ඒ තිබෙනුයේ හරි​ දේ කිරීමට පමණක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

Read More

ඇල්ල නගරයේ සංචාරක හෝටල් හිමිකරුවෙකුගේ රුපියල් කෝටි 2ක් පමන වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් මිළදී ගන්නා මුවාවෙන් පැමින මෝටර් රථය කොල්ලකා පලායමින් සිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු අද (17) අධිකාරිගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල ක්‍රියාකාරකම් අතීතයේ සිටම සිදුවූවක් බවත් ඒ සඳහා දේශපාලනඥයින්, ඇතැම් පොලිස් නිලධාරීන් සහාය ලබා දී ඇති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

Read More

ඇල්ල නගරය මේදිනවල විදේශීය සංචාරකයන් ගෙන් පිරී ඇති අතර අද (17) බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන පොඩිමැණිකේ දුම්රියෙන් සිය ගමන් පහසුව සලසා ගැනිමට ඇල්ල දුම්රිය ස්ථානයේදී විදේශිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Read More

ධිවර අමාත්‍යංශයට අයත් ශිතාගාර වලින් සියයට 90ක් පමණ පුද්ගලික අංශයට බදු පදනම මත ලබාදි ඇති බවත් ඉදිරියේ දි මෙකි ශිතාගාර යලි රජයට අත්පත්කරගැනිමට කටයුතු කරණ බවත් ධිවර හා ජලජසම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

Read More

දුම්රිය ස්ථාන අසළම බහුවිධ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරිමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.අමාත්‍යවරයා හැටන් බස් නැවතුම්පොලේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ බැවි පැවසීය.

Read More

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමින කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ Independence-class Littoral Combat Ship කාණ්ඩයට අයත් USS “Santa Barbara” (LCS 32) නෞකාවෙහි නිල සංචාරයක් සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ එහි ගියේය.

Read More

ලංකාවේ පොලොවෙන් හමුවන, පිළිස්සීමෙන් නිල් මැණික් බවට අගය වැඩිකළ හැකි පිට ඔට්ටු මැණික් කිලෝ ගණනින් පිටරට අපනයනය කළ හැකි අන්දමට නීති සහ පනත් කඩිනමින් වෙනස් කිරිමට රජය ගෙන ඇති තීරණය වහා සලකා බලන්නැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල උපදේශන කමිටු සාමාජික සබරගමුව විශ්ව විද්‍යාලයේ ස්වාභාවික සම්පත් අධ්‍යයන අංශයේ මහාචාර්ය හසින්ත විජේසේකර මහතා ජනාධිපති, අගමැතිනිය ඇතුලු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ත

Read More

කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනයවූ 8056 ගාලු කුමාරී දුම්රිය අද පස්වරු 05.27ට පමණ ගාල්ල ගිංතොට ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයනට ලක්වූහ.

Read More

විදුල්ලංකා සමාගම විසින් පාදුක්ක ප්‍රදේශයේ ඉදිකළ නවතම සූර්ය විදුලි බලාගාරය අද (16) පෙරවරුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

Read More

යුක්රේන යුද්ධය නිමා කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් යුක්රේන ජනපති වි. ‍සෙලෙන්ස්කි හා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සඳුදා වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

රුසියාව හා යුක්රේනය අතර පවතින යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට නොපැමිණියත් සාකච්ඡා ධනාත්මක බව රුසියානු ජනපති හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

Read More

කලා වැව දක්වා ජලය ගලා බසිනා තම්මන් ඇලේ ජලය දඹුල්ල නගරයේදී දැඩි දූෂණයකට ලක්ව ඇති බව දඹුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක යොහාන් අබේවික්‍රම මහතා පැවසීය.

Read More

මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ (පොතුවිල් මාර්ගයේ) වැලියාය ඉන්ධන පිරවුම් හල ආසන්නයේදී (16) වෙනිදා උදෑසන 06.10 ලංගම බස් රථයක් සහ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් ලංගම බස් රථයේ රියැදුරු මිය ගොස් බස් රථ දෙකේම සිටි මගීන් 21 දෙනෙකු තුවාල ලබා ඇත.

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX – 25) සඳහා සහභාගී වීම සඳහා, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) 1000 ක් සවිබල ගන්වමින් ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා, ඵලදායිතාව සහ අපනයන හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නවෝත්පාදනමය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Read More

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද ( 15) සිය සහතිකය සටහන් කළේය.

Read More

කතරගම වන්දනාවේ ගොස් ආපසු බදුල්ල බලා එමින් සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 12 කනුව ප්‍රදේශයේ දී ඊයේ (14) පස්වරුවේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් එකම පවුලේ මව, පියා, දරුවන් පස්දෙනෙකු සහ මෝටර් රථයේ රියදුරු තුවාල ලබා බණ්ඩාරවෙල , දියතලාව , බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අප්‍රේල් මස පස් වැනිදා විවෘත කළ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භ කිරීමටත් මත්තෙන් එහි රුපියල් අසූ හතර ලක්ෂ නව දහසකට අධික මුදලක් ගෙවීම් පැහැර හැරීම නිසා විදුලිය විසන්ධි කොට ඇති බව ‍ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් 15 දින අවරණය කර ගන්නා ලදී.

Read More

මහනුවර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (15) පෙරවරු අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂකයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී ගිනි අවි, ජීව උණ්ඩ හා තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලිස් මූලස්ථානය කියයි. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

Read More

නානුඔය දුම්රිය ස්ථානය පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිව නවීකරණය කඩිනම් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ වංගුව අසල දී අද (15) උදෑසන වන්දනා බස් රථයක් මාර්ගය අසල නවතා තිබු ලොරියක ගැටීමෙන් දසදෙනකු තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව බදුල්ල පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.