ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (International Monetary Fund) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය සහ අග්‍රාමාත්‍ය Harini Amarasuriya මහත්මිය අතර හමුවක් ඊයේ (17) අරලියගහ මන්දිරය දී පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළ පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු විය.
එමෙන්ම ස්වභාවික විපත් හේතුවෙන් ඇතිවූ හානිය සහ පවතින ආර්ථික අභියෝග කළමනාකරණය කිරීම සඳහා රජය ගෙනයන ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, රජයේ වැඩපිළිවෙළ පිළිබඳව එහිදී ඇය විශේෂයෙන් සඳහන් කළාය.
