හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මන්ත්‍රීවරයෙක්ට හිමි විශ්‍රාම වැටුප මෙන්ම ජනපතිවරයෙක්ට හිමි විශ්‍රාම වැටුප යන දෙකම ලබාගෙන ඇති බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායකමහතා කීය.
කෙසේ වෙතත් හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ලබාගෙන ඇත්තේ හිටපු ජනපතිවරයෙක්ට හිමි විශ්‍රාම වැටුප පමණක් බවද ඔහු කීය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු නොකළ හෙයින් ඔහුට මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමි නොවන බවද පැවැසීය.
ඒසේම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා මිට මාස කිහිපයකට පෙර සිටම මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ලිපියක් භාර දි ඇති බවද ඔහු පැවැසීය.