'පදිංචිකරුවන් ආරක්ෂා කිරීම' සහ 'කුලී අවලංගු කිරීම' යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත් දැනට පවතින ආකාරයෙන් ඉදිරියට ගෙන නොයන බවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙබරවාරි 06 වැනිදා නීතිපතිවරයා වෙත ප්‍රතිඥාවක් ලබා දී ඇති බවත්, මෙම පනත් කෙටුම්පත් සමාලෝචනය සඳහා විද්වත් කමිටුවක් වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවයි එම තීරණය මඟින් දැනුම් දී ඇත්තේ.
විද්වත් කමිටු සමාලෝචනයෙන් අනතුරුව ඉදිරියේදී නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියා. (I J)