දිවයිනේ සියලු ප්‍රදේශවල මෙතෙක් හඳුනා නොගත් පුරා විද්‍යාත්මක ස්ථාන දහසක් හඳුනා ගෙන සංරක්ෂණය කිරීමේ කටයුුතු මේ වසරේ ආරම්භ කරන බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා කීය.
දිට්වා සුළි කුණටුව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන නැවත ගොඩනැංවිමේ මහනුවර දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මහනුවර හල්ඔළුව කටාරංගල රජ මහා විහාරස්ථානයේදී මෙම වැඩසටහන විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පිටකන්දේ ඥාණානන්ද හිමියන්ගේ අනුශාසකසත්වයෙන් මෙම විහාරස්ථානය ගොඩනැංවීම සිදු වෙයි
