ගුවන් තොටු පොළ 5ක් හරහා මගින් 1,045,097 දෙනෙකුට පහසුකම් සලසා ඇති බව බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
එය 2018 වසරට පසුව මාසයක් තුළ වාර්තා කළ ඉහළම අගයද මෙය වෙයි. ඒ අනුව මෙය ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිර වූ වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාව ලෙස සටහන්ව තිබේ.
එම සමාගම යටතේ පවතින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටු පොළ රත්මලාන, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මඩකළපුව ගුවන් තොටු පොළ යන ගුවන් තොටුපොළ හරහා මෙම පහසුකම් සලසා දී තිබේ. (I J)