පියා විසින් ගවයින් විකිණීම නිසා සිත් තැවුලට පත් තරුණයෙකු දිවි නසා ගනී
බුත්තල පුහුල්කොටුව යුදඟනාව ජනපදයේ පදිංචි තරුණයෙකු පියා විසින් ගවයින් විකිණීම නිසා සිත් තැවුලට පත්ව (16) වෙනිදා උදෑසන දිවි නසා ගෙන ඇත.මෙලෙස දිවි නසාගෙන ඇත්තේ හේවාවසම් ගමගේ ලහිරු උදයංග (23) නැමති තරුණයෙකි. ඔහු විවාහවී ඇත්තේ 2026 ජනවාරි මාසයේය.
ඔහුගේ පියා ගව පාලනයේ නිරතව සිටින අතර පුතා විසින් ගවයින් රැක බලා ගනිමින් සිටී. මී ගවයින් කිහිපදෙනෙකු හණ ගැසීමේදී මියගිය අයගේ නමේ මුල් අකුරු යොදා ඇත.එලෙස හණ කරන ලද මී ගවයින් සිව් දෙනකු පියා විසින් ඔහුට නොදන්වා මීට සති කිහිපයකට උඩදී විකුණා ඇත.
ඒ පිළිබඳව සිත් තැවුලට පත් තරුණයා ඒ පිළිබඳව ලිපියක් ලියා නිවස ආසන්නයේ කුඹුරේ ඉඩම ආසන්නයේ ගසක ගෙල වැලලාගෙන මියගොස් තිබේ. සිද්ධිය දැනගැනීමෙන් පසු ඔහුගේ බිරිඳ වස පානය කර මොනරාගල මහා රෝහලේ ප්රතිකාර ලබමින් පසුවේ.
බුත්තර පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ජේ බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

