කැංගරුවන් පරදමින් සිංහයන් සුපිරි 8 වටයට
ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් අට දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේදී ඔස්ට්‍රේලියාව මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 181/10 ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18කදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 184ක් රැස් කරමින් තරගය ජය ගත්තේය.
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගයේදි නොදැවී ලකුණු 100ක් රැස් කළ අතර එය ඔහුගේ දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ශතකයද වෙයි.
කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 51ක් පන්දු 38කින් රැස් කළේය. පවන් රත්නායක නොදැවී ලකුණු 28ක් රැස් කළේය. කමිල් මිෂාර වෙනුවට අද තරගයට කැඳවූ කුසල් ජනත් පෙරේරා අසාර්ථක වූ අතර ඔහු එක් ලකුණකට දැවී ගියේය.
මෙම තරගයත් සමගින් ශ්‍රී ලංකා සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේ ක්‍රීඩා කළ තරග තුනම ජයගනිමිනි. පරාජයත් සමගින් ඔස්ට්‍රේලියා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට පිවිසිමට ඇති ඉඩ කඩ අඩුවී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

