saravita-anim2

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

Latest News - timelapse 387 hours ago

LATEST

මැදගම ප්‍රා ස සභාපති ධූරය කුසපත් ඇදීමෙන් මාලිමාවට

calendar_today 2025 ජුනි 15 - 13:29 remove_red_eye - 385  

මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත්කර ගැනීම (13) වෙනිදා මැදගම ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක,මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස් ප්‍රසන්න ප්‍රදීප් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කලුබෝවිල රෝහල ඉදිරිපිට පන්සල පාර පිහිටි ප්‍රධාන ව්‍යාපාරික නිවසකට (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි කොහුවල පොලීසිය කියයි.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සදහා මුදල් ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

Read More

පාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.05 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

Read More

මැදගම කැන්දවින්න ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ ( 14දා ) පස්වරුවෙි තම බිරිඳට, වෙඩිතබා ඝාතනකර, එම වෙඩිතැබු ගිනි අවියද රැගෙන පලාගොස් ඇතැයි, මැදගම පොලිසිය පවසයි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන් මෙම මස 16 දින සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව මහතා පැවසීය.

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 8ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (16දා) පෙරවරු 8.00 තෙක් වලංගු වෙයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සිව් දින ජර්මන් නිල සංචාරය නිමා කර 06/15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

ඉරානය විසින් ඊශ්‍රායෙලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායෙල වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.

Read More

බලංගොඩ රජවක මහා විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්. අනාරක්ෂිත බවට සැක ගස් පාසලේ ඇත්නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන්න - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න

Read More

ක්‍රිකට් ලෝකයේ ප්‍රභල කණ්ඩායමක් වුවත් කිසිම දිනක ලෝක කුසලානයක් ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ දකුණු අප්‍රිකාව අවසානයේදී ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ලෝක කුසලාන නියගය හමාර කළේය.

Read More

කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් සේවාවක් ආරම්භ කිරීමටද අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

’’වනජීවී කළමනාකරණයේදී යෝජනා මාලාවක් දැන් අපේ නිලධාරි මහත්වරු, මහත්මීන්ගේ කමිටුව අපිට භාර දීලා තියෙනවා. දැන් මේක අපි මෙතනින් ඉදිරියට යන්න ඕනේ ,මේක සරල වැඩක් නෙමෙයි, දැන් අපිට අමාත්‍යාංශයට වාර්තාව භාර දීලා තියෙනවා. අපි මෙතනින් එහාට මේක කැබිනට් මණ්ඩලය එක්ක සාකච්ඡා කරලා, අලුත් නීතිරීතී හදන්න වෙයි, සමහර සත්තු පළිබෝධ කියලා ඇතුල් කරන්න වෙන තත්වයක් ඇවිත් තියෙනවා. එකක් කියන්නම් දඬුලේනා පළිබෝධකයෙක් ලෙස සලකන්න කියලා වාර්ථාව කියනවා, ඒ කියන්නේ ගොවියාට පුලුව

Read More

තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් ‘TCG BÜYÜKADA’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ උදෑසන දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

අනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ කලු පෙට්ටිය අනතුර සිදු වූ ස්ථානයේ තිබී සොයාගෙන ඇති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සිකුරාදා පැවසීය.

Read More

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීය

Read More

දේහය මහජන ගෞරවය සඳහා ඉරිදා (15) දින පස්වරු 1.00 මල්වාන කළුකොඳයාවේ පිහිටි ඒ මහතාගේ නිවසෙහි තබා ඇති අතර ආගමික වතාවත් වලින් අනතුරුව ආදාහන කටයුතු 15 ඉරිදා පස් වරු 5.30 ට යුධ හමුදා ගෞරවය මැද බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

Read More

අස්වැසුම දීමනාව හිමි පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් බැර නොකර වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් බැර කරන ලදැයි චෝදනාවට වැඩ තහනම්ව සිටි කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුබසාධන අංශයේ කළමනාකාර සේවා නිලධාරිනියක් 13දා සවස ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඉරාන - ඊශ්‍රායල අතර යුධ උණුසුම වර්ධනය වීමත් සමග , ඉරානයේ ගුවන් අවකාශය වසා දමා ඇති හෙයින් යුරෝපය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් වල වෙනසක් සිදු වෙමින් පවතින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ශා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙන තුරු පමා කරන ලෙස දන්වා ඇති අතර ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස වෙත ද මෙම දැනුම්දීම් වලංගු වන බව තානාපති සඳහන් කරයි. ඊශ්‍රායලයේ සියලූ කාර්යාල හා වැඩබිම්වල කටයුතු නවතා ඇති අතර රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

Read More

තායිලන්තයේ ෆුකෙට් සිට ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් ගුවන් ගතව මද වේලාවකට පසුව යළිත ෆුකේට් ගුවන් තොටුපොළ වෙතටම ගොඩ බස්සවා තිබේ.

Read More

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රය වාර්ෂීක නඩත්තුවක් සදහා දින 25 කට 13 දින රාත්‍රියෙ සිට ජනන කටයුතු නවතා දමන බව විදුලි බල මංඩල ඉහල නිළධාරීයකු කල විමසිමේදි පැවසිය.

Read More

රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි බෝත්ල් 673 ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝ ග්‍රෑම් 75 ක් , කටුනායක ගුවන් තොටුපොළ පළමු මහළේ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ අතහැර දමා ගොස් තිබියදී 06/13 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ’’හදවත’’ ඉලක්ක කරගනිමින් ඉරානය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලය විසින් එල්ල කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව, මෙම ප්‍රහාරවලින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී හොසේන් සලාමි මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් පිරිසක්ද ද මිය ගොස් ඇති බවට තහවුරු කර තිබේ.

Read More

පසුගිය 7 දා අළුයම සිය නිවසේදී කළුතර සේවකයකු කපාකොටා ඝාතනය කර ඇත්තේ අත් වැරදීමකින් බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් හෙලිව ඇති බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

පොසොන් වන්දනාවේ අනුරාධපුරේ පැමිණි බැතිමතුන් විනාශ කර දමා තිබු කළාවැව අවට පිරිසිදු කිරීම රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් 12 දින දවස පුරා පැවැත්විණි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.