සුපිරි අට වටයේ තරගවලට එංගලන්ත කණ්ඩායම එයි
- 18 02 2026
- 08:51
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
ශ්රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීම සදහා එංගලන්ත ක්රිකට් කණ්ඩායම 02/17 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම කණ්ඩායමට ක්රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු 32 දෙනෙකු ඇතුළත් වී සිටියහ .
ඔවුන් 02/17 දින සවස 04.15 ට ඉන්දියාවේ කල්කටා නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1188 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
