ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර හමුවක් ඊයේ (17) සිදුව තිබෙනවා.
මෙම හමුවේදී වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබාදුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වත්මන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාර්ථක බව ද ක්‍රිස්ටලිනා ජෝර්ජිවා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.