මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට සිදුව තිබෙනවා.
ඒ ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්. පසුගියදා ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගය අතරතුර ඔහු මෙලෙස ආබාධයට ලක් වී තිබුණා.
මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට එක් කරනු ඇති බව වැඩිදුර තොරතුරු වාර්ථාවෙයි. (I J)