සිගිරිය පිදුරංගල මාර්ගයේදී ඊයේ සවස වන අලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය ජාතිකයෙකු බරපතල තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත සීගිරිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.මරණකරු වයස අවුරුදු 68 ක්වූ හංගේරියානු ජාතිකයෙකි.
මරණකරු සහ ඔහුගේ බිරිඳ පා ගමනින් සීගිරිය පිදුරංගල මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙලෙස වන අලි ප්රහාරයකට ලක්ව ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සීගිරිය පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.