නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (07) පැවැත්වුණි.
සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දසදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී. 60 වන ශ්‍රමික කණ්ඩායම ලෙස එම පිරිස 2023.06.13 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
Read Moreදැනටකෘෂිකර්මාන්තය තුළ වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්ම වු වැඩිහිටියෝ වෙති. වී වගාව තුළ තරුණ ප්‍රජාවේ නියෝජනය සියයට 20ක් පමණ සුළු ප්රමාණයකි.
Read Moreසැකකටයුතු ලෙස මිය ගිය කුඩා දරුවෙකුගේ මෘත දේහයක් මුල්ලේරියාව පොලිස් වසමේ හල්බරාව ප්‍ර දේශයේදී සොයා ගත් බව පොලීසි කියයි.
Read Moreවෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනකු සීමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
Read Moreඒ අතර සිටි එක් චීන ජාතික ආරක්ෂක නිලධාරීවරියක් , මෙම චීන ජාතිකයා අසළට පැමිණ චීන බසින් ’’ සුභ සන්ධ්‍යාවක් ’’ යැයි පවසනවාත් සමග මොහු එතෙක් ඔහු අසුන් ගෙන සිටි රෝද පුටුවෙන් නැගී සිටින්නට උත්සාහ කරමින් කළබළ කරන්නට වූයේ තමන් චීනය රැගෙන යන බව වැටහීමත් සමගය .
Read Moreමේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් අ.පො.ස සාමාන්‍ය පෙළින් අනතුරුව ආරම්භ වන පාසල් වාරයට පෙර මෙම සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයිනපුරා සිදු කිරීමට අපේක්ෂා කරන බවත් එහි මූලික වැඩසටහන කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් කොළඹ කලාපයේ සියලු පාසල්වලින් ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික බලහත්කාරකම් කිරීමේ නඩුව එළඹෙන ජූලි මස 07වැනිදා විභාගයට ගැනීමට (Trials) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය ඊයේ (08දා) තීන්දු කළේය.
Read Moreබණ්ඩාරගම උඩුගොඩ ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබමින් සිටී 16හැවිරිදි හිමිනමක් බලහත් කාරයෙන් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ එහි වාසය කරන 30 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
Read Moreපොලිස් කොස්තාපල්වරියක් විවාහ කරගන්නා බවට කර ගන්නා පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න සහගත තත්වයක් උද්ගතව පැවතීම හා ඒවා සම්බන්ධව නිසි පරිදි විමර්ශන සිදු නොවීම නිසා නිලධාරීන් අඛණ්ඩවම හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා ප්‍රශ්න සහගත ගනුදෙනු වලට යොමු වන බවත් මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇතත් ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් සක්‍රීය ලෙස ක්‍රියාත්මක නොවීම නිසා නිලධාරීන් කිසිදු බියක් සැකක් නොමැතිව ප්‍රශ්න සහගත ටෙන්ඩර් ගනුදෙනුවලට
Read Moreමේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4.3%ක් වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. එම බැංකුව මගින් 2023 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳ වාර්තාව (Global Economic Prospects) නිකුත් කරමින් ඊයේ (07දා) දිනයේදී මේ බව සඳහන් කර තිබේ.
Read Moreආනයනය සීමා කිරීම හරහා මෙරට කර්මාන්තවල විශාල ප්රගමනයක් දැකිය හැකි බවත් ඒ අනුව පසුගිය වසරේදී (2022) ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩො.බි 13.1 ක මුදලක් ලබාගත හැකිවූ බවත් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreවර්තමානයේදී මෙරට තුළ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනගහනය මිලියන 7ක් බවට පත්ව ඇතැයි LIRNEasia ආයතනය පවසයි. ඒ අනුව මෙය සමස්ත ජනගහනයෙන් 31%ක ප්‍රතිශතයක් ගන්නා බවද එම ආයතනය සදහන් කරයි.
Read Moreජපානයේ එහිමෙ ප්‍රාන්තයේ (EHIME PREFECTURE) කෘෂිකාර්මික ක්ෂේත්රයේ තාක්ෂණික සිමාවාසික පුහුණුලාභීන් ලෙස ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ජපානයේ එහිමෙ ප්‍රාන්තය හා ශ්‍රි ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර සහයෝගිතා ගිවිසුමකට ජපානයේ එහිමෙ නගරයේදී අද දින (07) අත්සන් තබන ලදී.
Read Moreරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරය විපක්ෂයට ලබා දියු යුතු බවත් ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඒ සඳහා සුදුසු බවට විපක්ෂය යෝජනා කරන්නේ නම් ඔහුට සභාපතිධුරය ලබාදිය යුතු බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreගැඹුරු මුහුදේදී අහපත් කාලගුණය හේතුවෙන් පෙරළුනු ‘ලූපෙන් යුවාන්යු 028”නැමැති චීන ධීවර යාත්‍රාවට පළමුව ඇතුළුවී එහි මළ සිරුර 14 ක් සොයා ගැනීමේ කිමිදුම් මෙහෙයමුට සහභාගි වු නාවික හමුදා සමාජිකයන් නව දෙනාට චීන රජයේ උපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreයාපනය ඩෙල්ෆ් ජැටියේ පිවිසුම් දොරටුව අසලදි අද (7) උදෑසන අනතුරට පත් මගී ප්‍රවාහන ට්‍රෝලර් යාත්‍රාවක සිට පුද්ගලයන් 38 දෙනකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.
Read Moreදෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද (07) උදෑසන පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සවස කිලිනොච්චිය පොලීසියට රැගෙනවිත් කට උත්තරයක් ලබාගැනීම සිදුවිය.
Read Moreපුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.
Read Moreපානදුර ද සිල්වා මාවතේ පිහිටි පානදුර දිසා විනිසුරු නිල නිවසේ දොර ජනේල් ගලවා එහි දේපොළ සොරකම්කර සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
Read Moreඉන්දියාවේ ප්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises සමාගමට අයත් Ms Empress නෞකාව අද :07* දින හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය වෙත සේන්දු විය.
Read Moreනවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.ෙ
Read Moreමුලතිව් නාගචෝල රක්ෂිතයයේ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි යුධ හමුදා කෝප්රල් වරයකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු භූගත සෙවීම් (ස්කෑනර්) යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreමෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.
Read Moreශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පහසු ජයක් ලැබීය.
Read More