ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මගින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්ව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම නීති විරෝධි ක්රියාව සම්බන්ධයෙන් දැනටමත් සුදුසු විවිධ ක්රියාමාර්ග ගෙන ඇති බවත් රටේ වන අලි සම්පත රැක ගැනීමට ජනතා සහායද අපේක්ෂා කරන බව එම මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳව 1987 අංකයය ඔස්සේ වහාම ලංවිම දැනුවත් කරන ලෙසද එම මණ්ඩලය පවසයි.
ගණනය කිරීම් වලට අනුව 6000 ක් පමණ වූ ශ්රි ලංකාවේ වන අලි ගහනයෙන් 2023 වර්ෂයේ පමණක් විවිධ මිනිස් ක්රියාකාරකම් හේතුකොට ගෙන 474 දෙනෙකු මරණයට ලක්වී ඇතැයි ලංවිම වැඩිදුරටත් පවසයි.