ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍යයෙන් පමණක් මේ වන විට රටේ ජනාධිපති වි අවසන් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර මහතා පැවසිය.
නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (17) දින සමගි ජන බලවේගය විසින් පෙබරවාරි මස මහනුවර නගරයේ පැවැත්විමට නියමිත සමගි කාන්තා සම්මේලනය සදහා නාවලපිටිය ආසනයේ කාන්තාවන් දැනුවත් කිරිම සදහා නාවලපිටිය සමගි ජන බලවේග කාර්යාලයේ පැවති රැස්විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ ,
සමාජ මාධ්‍ය ඔස්සේ පවසන පරිදි ජාතික ජන බලවේගය වටා රටේ බහුතර ජනතාවක් එක් වි නොමැති බවත්, ඇතැම් ප්‍රදේශවල ජාතික ජන බලවේගය වටා පිරිසක් එක් වි සිටින බවයි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් වු විශාල පිරිසක් මේ වන විට විකල්පයක් වශයෙන් පක්ෂ කිහිපයක් අතරේ බෙදා ගොස් ඇති බවත්, එසේ බෙදි ගිය පිරිසක් ජාතික ජන බලවේගයට එක් වි සිටින බවද ඔහු පැවැසීය.
මේ වසරේ සැප්තැම්බර් මස වන විට ජනාධිපතිවරණයක් මේ රට තුල පැවැත්විය යුතු බවත් , එම මැතිවරණයට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්විම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වි ඇති බවද ඔහු පැවැසීය.
මහ මැතිවරණයක් පවත්වා ඉන් බහුතර ජන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂය සමග එක් වි ජනාධිපතිවරණය කල් දැමිමට ජනාධිපතිවරයාගේ සැලසුමක් ඇති බවද නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා පැවසිය.
රටේ බහුතර ජනතාව මේ වන විට සමගි ජන බලවේගය සමග එකතු වි සිටින බවත්, ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකදි සමගි ජන බලවේගය ඉන් ජයග්‍රහණය කරන බවද ඔහු සඳහන් කළේය.