මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්.මුත්තුසාමි මහතා ගේ සේයාරුවක් මෙම ජනවාරි 19දා ගුවන්විදුලියේ කුමාරතුංග මැදිරියේදී විවෘතවීමට නියමිතය.
1926 දී ඉන්දියාවේදී දෙමළ හා හින්දු භක්තිකයෙකු ලෙස ඉපදඅන ආර්,මුත්තුසාමිමහතා වයස 05සිටම වයලීන හා වාද්‍ය භාණ්ඩ වාදනයේදී හැකියාව පෙන්වීය.
ඉන්දියානු චිත්‍රපට වල වාදනය ඉදිරිපත් කල ඔහු මෙරට පළමු චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේවාදනයට ද එක්විය.ඔහු ලංකාවට පැමිණියේ නායගම් මහතාගේ ඇයුමෙනි.
ඔහුට මෙරට පුරවැසිකම ලබා දුන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල මහතාය.ඒ මුත්තුසාමිගේ පළමු චිත්‍රපට සංගීතය වන ප්‍රේම තරගයට 1953දී ලැබුණු ජාත්‍යන්තර සම්මානය හේතුවෙනි.
ඇන්ජලීන් සුජාති නන්දා මාලනී ගායනක්ෂ්රේත්රයට හදුන්වා දුන්නේ ද ඔහුය.රුක්මණී ධර්මදාස ලතා ජොතිපාල මිල්ටන් බෙග්මෙන්මකේමදාසරොක්සාමි මොහොමඩි සාලි වික්ටර්ආදී බොහෝ අය චිත්‍රපට ගායන හා සංගීත ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දීමට ද මුත්තුසාමි මූලික විය.
මාතලන් අල්ලපු ගෙදරසංදේශය චන්ඩියා කුරුළුබැද්ද ඇතුළු චිතුපට රැසකට මුත්තුසාමි සංගීතය සැපයීය. තවද චිත්‍රපට කිහිපයක ඔහු ගීත ගායනයට ද එක්විය.දෝන නිලියා පෙරේරා බෞද්ධ සිංහල කාන්තාව හා විවාහ වූ ඔහුට සංගීත අධ්යක්ෂ මොහාන් රාජ් චිත්‍රාංගී ප්‍රසන්නී කීර්තිකා නම් දරුවන් සිව් දෙනෙක් විය.
අශෝක ජයතුංග වොෂින්ටන් සිට


