උතුරේ හෙක්ටයාර 110000ක වී වගා කරලා
උතුරේ ගොවීන් මහකන්නයේ කුඹුරු හෙක්ටයාර් 110,000 ක වී වගා කොට ඇති අතර ඉන් අපෙක්ෂිත අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 350,000 ක් බව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
යුද සමයේදී අතහැර දැමුනු පුරන් වූ කුඹුරු විශාල පමාණයක් මෙවර මහකන්නයේදී ගොවිතැන් කොට ඇති අතර ඉන් සාර්ථක වී අස්වැන්නක් අපේක්ෂාවෙන් උතුරේ ගොවීන් අස්වැන්න නෙලීම ආරම්භ කොට ඇත.
මුල් අදියරේ උතුරේ වගාකළ ප්‍රදේශවල වී අස්වැන්න නෙලීම මේ වන විට ආරම්භ කර ඇති අතර කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ ජෙයපුරම් ගම්මානයේ පිහිටි වෙල්යායක වී අස්වැන්න නෙලීමේ උත්සවය ඊයේ (17) දින ආරම්භ වූවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ප්‍රදේශයේ බහුතර ගොවි ජනතාවක් වී වගා කෙරෙන අතර හෙල චාරිත්‍රානුකූලව වී අස්වැන්න නෙලීමේ උත්සවය උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එහි පළමු අස්වැන්න සූර්ය දෙවියන් උදෙසා පූජා කිරීම අතීතයේ සිටම මේ අයුරින් පළමු කොටස දෙවියන් වෙතට පූජා කිරීම සිදුවන අතර මෙම උත්සවයට ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.
කිරි උතුරවා නැවුම් කිරිබතක් පිස දෙවියන් වෙත පූජා කිරීම සෑම වසරක් පුරාම මෙම ගොවි ජනතාව සිදුකරයි. මෙම උත්සවය උතුරු පලාත් අධයාපනික , සංස්කෘතික , ක්‍රීඩා සහ කෘෂිකාර්මික අමාත්‍යංශයත් ඒක්ව සංවිධානය කොට තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

