2024 වසරේ විමධ්‍යගත අයවැය වැඩ සටහන යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ රුපියල් මිලියන 11250 ක ප්‍රතිපාදන වෙන්කරන බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.
ජනසංඛ්‍යාව භුමි ප්‍රමාණය ආදීවූ නිර්ණායක පදනම් කරමින් දිස්ත්‍රික් මටටමින් වෙන්කෙරෙන මෙම ප්‍රතිපාදනවලින් වැඩිම ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයට වන අතර එය රුපියල් මිලියන 1090 කි.දෙවන වැඩිම ප්‍රමාණය ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එය රුපියල් මිලියන 1033 කි.තෙවන වැඩිම ප්‍රමාණය කුරුනෑගල දිස්ත්‍රික්කයට වන අතර එය රුපියල් මිලියන 860 කි.දිවයිනේ අඩුම ප්‍රතිපාදන ප්‍රමාණය වූ රුපියල් මිලියන 80 හිමිවන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයට වේ.
මෙම මුදල් මගින් ක්‍රියාත්මක කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති යෝජනා හඳුනාගෙන සකස් කිරීම ජනවාරි 31 ට පෙර අවසන් කර ජුලි 30 ට පෙර ව්‍යාපෘති අවසන් කළයුතු බව මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.
එම්.මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමුකළ චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙම චක්‍රලේඛය අනුව ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබේ.එහිදී මෙම මුදල් වැයකළ හැකි ශීර්ෂ යටතේ ග්‍රාමීය වශයෙන් ජල සම්පාදන ,විදුලි සැපයුම් ,ගමනාගමන පහසුකම් ,රෝහල් සහ සුව සේවා,පාසල් පහසුකම් ,කෘෂි ,වන සතුන්ගෙන් සිදුවන හානි අවම කිරීම ,අඩු ආදායම් පවුල්වල ජීවනෝපාය සංවර්ධනය ,ආපදා හානි පූර්ණය,ආදී ක්ශේත්‍ර සංවර්ධනය සඳහා වැඩි ඉඩක් ලබා දී තිබේ.
එමෙන්ම මෙම ප්‍රතිපාදනවලින් පුද්ගලයන්ට හෝ පුද්ගල කටයුතු සඳහා සෘජු ප්‍රදාන ලබා දීම නොකළ යුතුවේ.
මේ සියලුම ව්‍යාපෘති ප්‍රාදේශීය හා ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් ජනතා සහභාගිත්වයෙන් හඳුනාගෙන සකස්කළ යුතුවන අතර ඒවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් අනුමත කර පෙබරවාරි 15 ට පෙර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවටත් එතැනින් පෙබරවාරි 29 ට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයටත් එවිය යුතු බවත් අනුමත ව්‍යාපෘති රජයේ මුදල් රෙගුලාසි හා ප්‍රසම්පාදන ක්‍රියාවලි යටතේ සිදුකළ යුතු බවත් දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇති දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මෙම චක්‍රලේඛය මගින් දන්වා ඇත.
ජේ.ඉඳුරුවගේ