යුක්තියේ මෙහෙයුම ආරම්භ කර ගත වූ මාසය තුළ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව හා අපරාධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 40,950 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. යුක්තිය මෙහෙයුම ආරම්භ කර අද (17දා) දිනට මාසයකි.
මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1703 කු සඳහා රැඳුම් නියෝග මත වැඩිදුරු විමර්ශන සිදු කරන අතර මත්ද්‍රව වලට ඇබ්බැහි වූවන් 1867 කු පුනරුප්පාතනය සඳහා යොමු කර ඇත.
නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර සැකකරුවන් 25 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2801 කු ද අත්අඩංගුවට ගෙන ඇත.
එමගින් තහනමට ගත් දේපලවල වෙළඳපොළ වටිනාකම මිලියන 725 කට ආසන්න බවත් අත්අඩංගුවට ගෙන ඇති මුළු මධ්‍යයි වල වෙළඳපොළ වටිනාකම මිලියන 4,791 ක් පවක් අනාවරණය වේ.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2365, දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536 ක් සා මත්ද්‍රව නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු කරුවන් 1499 ක් වේ.
ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැති සිටි සැකකරුවන් 149 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 181 ක් ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.