නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් හා වර්තමාන තත්ත්වය හමුවේ ඉදිරියේදී එළවළු මිල තවත් වැඩි වන බවත් , මැයි මාසයෙන් පසුව එළවළු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
අරුණ ශාන්තහෙට්ටිආරච්චි මහතා ඒ බව කියා සිටියේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදී (18)දින මාධ්‍යයට විශේෂ ප්රකාශනයක් කරමිණි.
මෙහිදි අරුණශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමානයේඑළවළු මිල තීරණය කරන්නේ ආර්ථික මධ්‍යස්ථානයෙන් නොවන බවත්, ගොවින් පවසන මිලට ආර්ථිකමධ්යස්ථානයේ වෙලෙදුන් විසින් එලවළු මිල දි ගන්නා බවයි.
මිල ඉහළගිය සැම එළවළුවක්ම ගොවින් බොහෝ පිරිසක් දැන්වගා කිරිමට පටන්ගෙන ඇති බවත්, එසේ වගා කරනුලබන්නේ එකම එලවළු වර්ග කිහිපයක්නිසාඉදිරියේදි එම එලවළු කිලෝවක් රුපියල් විස්සටකවත් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක්උද්ගත වන බවයි.