විදෙස් රටවල සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාඑම විදෙස් රටවල් සමග සාකච්ඡා කොට වැඩපිළිවෙලක්සකසා ගන්නා ලෙසත්අපරාධ මර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමවැඩපිළිවෙලටමහා සංඝරත්නයේ ආශීර්වාදය හිමිවන බවත්මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් පැවසීය .
මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්ඒ බව අවධාරණය කර සිටියේයුක්තිය මෙහෙයුමආරම්භවී මසක් සපිරීම නිමිත්තෙන්ම හජන ආරක්ෂක අමාත්යටිරාන් අලස් මහතා ඊයේ (17) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය .
එහිදීමල්වතු මහානා හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධකරුවන් මර්දනය කිරීම සඳහාආරම්භ කොට ඇති එම මෙහෙයුමමෙරට සමස්ත ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්රියාත්මකවැඩ පිළිවෙළක් බවත් එය අඛණ්ඩව සිදුවිය යුතු බවත්ය
එහිදී මහා නායක හිමිවරුන්හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය ටිරන් අලස් මහතා පවසා සිටියේයුක්තිය මෙහෙයුම ආරම්භ වී මසක් වැනි කෙටි කාලයක් තුළදීබලාපොරොත්තු වූ ඉලක්ක රැසකට ළඟාවීමට හැකි වූ බවයි .
මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් සිදුකොට සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි රජය සමඟ සාකච්ඡා කළ බවද අලස් මහතා එහිදී මහානාහිමිවරුන් හමුවේඅවධාරණය කරමින්නම ගිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තරයට රතු නිවේදනනිකුත් කොට ඇති බවදපැවසීය .
මහජන ආරක්ෂක අමාත්යටිරාන් අලස් මහතාඅස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් දමල්වතු අස්ගිරි අනූනාහිමිවරුන්දබැහැදුටුවේය .
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් භාර නියෝජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකයන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය .
