මෙරට කිරි ගව ගොවිපළ 14,294ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් මස 30 දක්වා වූ මාස නවයක කාලසීමාවක් තුළදී වැසී ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හාසෞඛ්ය දෙපාර්තමේන්තුවේ පාංශු සම්පත් සැලසුම් අධ්යක්ෂ කාර්යාලය මගින් 2024-01-15 දින ජාතික විගණන කාර්යාලයට නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.
මෙම මාස නවයක කාලසීමාව තුළ ඌව පළාතේ ගව ගොවිපළ6,961ක්ද, වයඹ පළාතේ 964ක්ද, නැගෙනහිර පළාතේ 894ක්,උතුරු මැද පළාතේ 723ක්,දකුණු පළාතේ 665ක්, මධ්‍යම පළාතේ 2,289ක්, සබරගමුව පළාතේ 847ක් වැසී ගොස් ඇති බවද පාංශු සම්පත් සැලසුම් කාර්යාලය විසින් විගණනයට සඳහන් කර ඇත.එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ගව ගොවිපළවල් 376ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවිපළ 32ක් මෙම කාලසීමාව තුළදී වැසී ගොස් තිබුණි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පාංශු සම්පත් සැලසුම් කාර්යාලය පෙන්වා දෙන්නේ මෙම කාලය තුළදී අලුතින් ගව ගොවිපළ මුළු දිවයිනේ 17,843ක් ආරම්භ කොට ඇති බවත්ය. එහෙත් නියමිත සංඛ්‍යාලේඛනවලට අනුව සැබෑ ලෙසම අලුතෙන් ගව ගොවිපළවල් ආරම්භ කොට ඇත්තේ 3,549කි. වැඩිම ගව ගොවිපළවල් සංඛ්‍යාවක් වැසී ගොස් ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 5,653කි.එහෙත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඌව පළාත් අධ්යක්ෂ කාර්යාලය පවසන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ගව ගොවිපළවල් 8,775ක් සක්‍රිය මට්ටටමේ පවතින වබයි.
ගව සොරකම,තණ බිම්වල ගැටලු, නිලධාරීන්ගේ නිසි අධීක්ෂණයක් නොමැතී වීම, මූල්‍ය ගැටලු, කිරි ගවයන් පාලනය දිරිගැන්වීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම,පාංශු වෛද්‍ය නිලධාරීන් බෙදී ගොස් ඇති ආකාරයේ විෂමතාවන්,තරුණ පිරිස් කිරි ගව ව්‍යාපාරයන් සඳහා යොමු නොවීම,දියර කිරි සඳහා සාධාරණ මිලක් නොමැති බව ආදී හේතු නිසා කිරි ගව කර්මාන්තයෙන් විශාල පිරිසක් ඉවත් වන බවද කිරි ගොවීහු පෙන්වා දෙති.
චන්දන සමරවික්‍රම